
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තෝරාගත් රාජ්‍ය ව්‍යවසාය 33ක් ඈවර කිරීමේ ක්‍රියාවලිය මේ වන විට සක්‍රියව සිදු වෙමින් පවතින බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.
කැබිනට් මණ්ඩල අනුමැතියට අනුව, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය සඳහා වූ විශේෂිත ඒකකය මෙම අමාත්‍යාංශය යටතේ පසුගිය මාර්තු මාසයේදී ස්ථාපිත කරන ලදී. අදාළ රාජ්‍ය ව්‍යවසාය 33 සමාගම් ඈවර කිරීමේ ක්‍රියාවලිය මේ වන විට අධීක්ෂණය කරනු ලබන්නේ එකී ප්‍රතිසංස්කරණ ඒකකය විසිනි.
මේ අතර, 2026 අයවැය යෝජනාවලට අනුකූලව, තෝරාගත් රාජ්‍ය ව්‍යවසායන්හි සේවක අර්ථසාධක අරමුදල් (EPF), සේවක භාරකාර අරමුදල් (ETF) සහ පාරිතෝෂික ගෙවීම් සම්බන්ධයෙන් වන හිඟ වගකීම් පියවීම සඳහා භාණ්ඩාගාරය පියවර ගනිමින් සිටියි. එම හිඟ වගකීම් පියවීම සඳහා වෙන් කරන ලද රුපියල් බිලියන 5ක මුදලින් රුපියල් බිලියන 2.8ක මුදලක් 2026 අගෝස්තු මස අග වන විට සම්පූර්ණයෙන්ම නිදහස් කර ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.
මැදපෙරදිග පවතින ගැටුම් හේතුවෙන් මෙරට රාජ්‍ය ව්‍යවසාය ක්ෂේත්රය මෙම වසරේ දෙවැනි කාර්තුව තුළ අභියෝග රැසකට මුහුණ දුන් බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි. අමුද්‍රව්‍ය පිරිවැය ඉහළ යාම, සැපයුම් දාම බිඳවැටීම සහ ඇණවුම් අවලංගු වීම ඒ අතර ප්‍රධාන විය.
කෙසේ වෙතත්, එම දුෂ්කරතා මධ්‍යයේ වුවද, 2026 වසරේ පළමු මාස හය තුළ ප්‍රධාන රාජ්‍ය ව්‍යවසාය 51ක් ලබා ඇති සමස්ත ලාභය රුපියල් බිලියන 259.3 කි. 2025 වසරේ අනුරූප කාලපරිච්ඡේදය තුළ එම ව්‍යවසායන් වාර්තා කර තිබූ ලාභය රුපියල් බිලියන 227.8ක් විය.
ඒ අනුව, පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 2026 වසරේ පළමු මාස හය තුළ මෙම ප්‍රධාන රාජ්‍ය ව්‍යවසාය 51හි සමස්ත ලාභය රුපියල් බිලියන 31.5ක වර්ධනයක් පෙන්නුම් කරන බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart