
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2025 ඔක්තෝබර් 30 වැනි දා සිට ක්‍රියාත්මක වන ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ සිදුකරන ලද වැටලීම්වලදී මේ දක්වා ළමයින් 11,970 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
එලෙස අත්අඩංගුවට පත්වූවන් අතර පිරිමි ළමයින් 11,737 දෙනකු සහ ගැහැණු ළමයින් 233 දෙනකු සිටින බව වාර්තා වේ.
දිවයින පුරා ‘රටම එකට’ මෙහෙයුම තවදුරටත් සක්‍රියව ක්‍රියාත්මක වන අතර, සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම සඳහා රජය දැවැන්ත වැඩපිළිවෙළක් සැලසුම් කරමින් සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පැවසීය.
ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය සැපයුම අඩපණ කිරීම සඳහා මෙම මෙහෙයුම හරහා පියවර රැසක් ගෙන ඇති බවත්, ඒ සඳහා ශ්‍රී ලංකා පොලිසිය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, විශේෂ කාර්ය බළකාය, ත්‍රිවිධ හමුදාව සහ වෙරළාරක්ෂක බලකාය දැවැන්ත දායකත්වයක් ලබාදී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
“මෙම මෙහෙයුම්වල ප්‍රතිඵලයක් ලෙස මහජනතාව අතර බෙදාහැරීමට සැලසුම් කර තිබූ ටොන් ගණනක මත්ද්‍රව්‍ය තොග අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. එම මත්ද්‍රව්‍ය තොග අත්අඩංගුවට ගැනීමට නොහැකි වූවා නම්, ජාවාරම්කරුවන් විසින් ඒවා ග්‍රෑම් මට්ටමින් වෙන්කර අපේ දරුවන් අතර බෙදාහැරීමට ඉඩ තිබුණා,” යැයිද ඔහු පැවසීය.
එමෙන්ම, මත්ද්‍රව්‍ය ජාවාරම සංවිධානාත්මක අපරාධ කල්ලි සමඟ සෘජුවම සම්බන්ධ බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙම ජාවාරමේ ප්‍රධාන මෙහෙයවන්නන් වන්නේ පාතාල කල්ලි බව ද සඳහන් කළේය. එබැවින් මෙම වැඩසටහනට සමගාමීව එම පාතාල කල්ලිවලට එරෙහිව ද දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක වන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart