
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හෙට (නොවැම්බර් 01) සිට ක්රියාත්මක වන පරිදි දේශීය ආදායම් පනතට සිදුකරන ලද සංශෝධනවලට අනුව නිශ්චිත ගනුදෙනු අටක් සඳහා බලපැවැත්වෙන වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංක (TIN) සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 102(3) වගන්තිය යටතේ දක්වා ඇති තැනැත්තන් සඳහා 2026 අංක 11 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත මගින් මෙම නව අවශ්යතාව හඳුන්වා දී ඇත.
ඒ අනුව නොවැම්බර් 01 වැනිදා සිට පහත සඳහන් ගනුදෙනු සිදු කිරීමේදී පුද්ගලයන් විසින් වලංගු TIN සහතිකයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ:
ඕනෑම බැංකුවක හෝ මුල්ය ආයතනයක ගිණුමක් ආරම්භ කිරීම.
ගොඩනැගිලි සැලසුම් සඳහා අනුමැතිය ලබා ගැනීම.
මෝටර් රථ වාහනයක් ලියාපදිංචි කිරීම.
මෝටර් රථ වාහන ආදායම් බලපත්රයක් අලුත් කිරීම.
ඉඩම් හෝ ඉඩම් හිමිකම් ලියාපදිංචි කිරීම.
ව්යාපාරයක් ලියාපදිංචි කිරීම.
ශ්රී ලංකාවේ ලියාපදිංචි සමාගමක කොටස් පැවරීම (පවරන්නා සහ පැවරුම් ලබන්නා යන දෙදෙනාම විසින්).
ක්රෙඩිට් කාඩ්පතක් (ණය පතක්) ලබා ගැනීම.
මෙම ගනුදෙනු කිසිවක් සක්රිය කිරීමට හෝ සම්පූර්ණ කිරීමට පෙර ඊට අදාළ TIN සහතිකය ඉදිරිපත් කර ඇත්දැයි තහවුරු කරගන්නා ලෙස අදාළ නිලධාරීන්ට සහ ආයතනවලට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව උපදෙස් දී තිබේ.
දේශීය ආදායම් පනතේ 102(3) වගන්තිය යටතේ නිකුත් කරන ලද 2023 මැයි 31 දිනැති අංක 2334/21 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව, 2023 දෙසැම්බර් 31 වන විට වයස අවුරුදු 18 සම්පූර්ණ වූ සහ 2024 ජනවාරි 01 වැනි දින හෝ ඊට පසුව වයස අවුරුදු 18 සම්පූර්ණ වූ/වන සියලුම මෙරට පදිංචි පුද්ගලයින් සඳහා TIN අංකයක් ලබා ගැනීම අනිවාර්ය වේ.
මෙතෙක් TIN අංකයක් ලබාගෙන නොමැති පුද්ගලයින්ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිල e-Services වෙබ් අඩවිය (ඔන්ලයින් ලියාපදිංචි සේවාව) ඔස්සේ ඊට ලියාපදිංචි විය හැකි බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.
එබැවින් අදාළ ගනුදෙනු සිදු කිරීමේදී බාධාවකින් තොරව කටයුතු කිරීම සඳහා වලංගු TIN සහතිකයක් ළඟ තබා ගන්නා ලෙසත්, අදාළ ආයතන වෙත හෝ නිලධාරීන් වෙත එහි පිටපතක් ලබා දීමට කටයුතු කරන ලෙසත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart