
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු මහජන ආරක්ෂක අමාත්ය, රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර විසින් කොළඹ කිංස්බරි හෝටලය වෙත එන්තරවාසියක් යොමු කර තිබේ. ඒ, ඔහු එම හෝටලය වෙත පැමිණි අවස්ථාවේ පටිගත වූ සීසීටීවී දර්ශන විකෘති කර මුදාහැරීම සම්බන්ධයෙන් රුපියල් මිලියන 100 ක වන්දියක් අය කරගැනීමේ නීතිමය පියවර ගන්නා බවට අනතුරු අඟවමිනි.
ඔහුගේ නීතිඥවරුන් වන ‘පෙරේරා සෙනෙවිරත්න ඇසෝසියේට්ස්’ ආයතනය මගින් ඔක්තෝබර් 29 වැනිදා නිකුත් කර ඇති මෙම එන්තරවාසිය මගින් චෝදනා කරන්නේ, ඔක්තෝබර් 24 වැනිදා සරත් වීරසේකර එම හෝටලයට පැමිණි අවස්ථාවේ පටිගත වූ සීසීටීවී දර්ශන විකෘති කර සමාජ මාධ්ය ජාල කිහිපයක සංසරණය වීමට සැලැස්වූ බවයි.
අදාළ වීඩියෝ දර්ශන මගින් සරත් වීරසේකර සහ බෞද්ධ භික්ෂූන් වහන්සේනමක් එකම අවස්ථාවේ හෝ ආසන්න වේලාවන්හිදී හෝටල් කාමරයකට ඇතුළු වූ බවට වැරදි සහ මුලා කරවනසුලු මතයක් ජනගත කිරීමට උත්සාහ කර ඇති බව එහි සඳහන් වේ. එමගින් මතු කර ඇති මතය සම්පූර්ණයෙන්ම අසත්ය බව ඔහුගේ නීතිඥවරු අවධාරණය කරති.
ෆේස්බුක් පිටු සහ යූටියුබ් නාලිකා කිහිපයක් මෙහෙයවන පුද්ගලයින් සමග කුමන්ත්රණය කරමින් හෝටල් පාලනාධිකාරිය විසින් මෙම දර්ශන සහ ඡායාරූප පිටතට මුදාහැර ඇති බවටද එන්තරවාසිය මගින් චෝදනා කර ඇත.
එසේම, එක් ෆේස්බුක් පිටුවක් මගින් අදාළ වීඩියෝව පළ කරමින්, එහි සිටින සරත් වීරසේකරගේ ලේකම්වරයාව හිටපු ජාතික බුද්ධි ප්රධානී හෙන්දවිතාරණ ලෙස අසත්ය ලෙස හඳුන්වා දෙමින් ජනතාව නොමඟ යවා ඇති බවද නීතිඥවරු පෙන්වා දෙති.
අදාළ මුල් සීසීටීවී දර්ශනවල සම්පූර්ණ හිමිකාරිත්වය සහ පාලනය හෝටලය සතුව තිබූ බැවින්, හෝටලයේ දැනුවත්භාවයකින් හෝ මැදිහත්වීමකින් තොරව ඒවා පිටතට යා නොහැකි බව නීතිඥවරු තර්ක කරති.
සරත් වීරසේකරගේ පූර්ව අනුමැතියකින් තොරව මෙම දර්ශන මුදාහැරීම මගින් ඔහුගේ පෞද්ගලිකත්වයට මෙන්ම හෝටලයේ පෞද්ගලිකත්ව ප්රතිපත්තියටද හානි සිදුව ඇති බව එමගින් කියැවේ. මෙම දර්ශන ප්රචාරය වීමත් සමග සරත් වීරසේකර අන්තර්ජාල ඔස්සේ හිරිහැරවලට, මානසික පීඩාවට සහ කීර්තිනාමයට බරපතල හානියකට ලක්ව ඇති බවද එහි සඳහන් වේ.
එන්තරවාසිය ලැබී දින 7 ක් ඇතුළත, අදාළ දර්ශන ලබාගැනීමට, විකෘති කිරීමට හෝ මුදාහැරීමට වගකිවයුතු පුද්ගලයින් හඳුනාගෙන, ඒවා ලබාදුන් පුද්ගලයින් හෝ සංවිධාන පිළිබඳ තොරතුරු අනාවරණය කරන ලෙස හිටපු අමාත්යවරයා හෝටලයෙන් ඉල්ලා සිටී.
මීට අමතරව, අන්තර්ජාලයේ ඇති අදාළ වීඩියෝ දර්ශන වහාම ඉවත් කිරීම, දර්ශන විකෘති කර ඇති බවට පිළිගනිමින් ප්රසිද්ධ පැහැදිලි කිරීමක් සිදුකිරීම, ලිඛිතව කණගාටුව පලකිරීම සහ ඉදිරියේදී මෙවැනි අනුමත නොකළ තොරතුරු පිටතට නොයවන බවට සහතිකයක් ලබාදෙන ලෙසද ඉල්ලා ඇත.
මෙම ඉල්ලීම් ඉටු කිරීමට අපොහොසත් වුවහොත්, අපහාස කිරීම, පෞද්ගලිකත්වය ආක්රමණය කිරීම, කීර්තිනාමයට හානි කිරීම සහ මානසික පීඩා සිදුකිරීම වෙනුවෙන් රුපියල් මිලියන 100 ක වන්දියක් අය කරගැනීමට නීතිමය පියවර ගන්නා බවටද එන්තරවාසිය මගින් අනතුරු අඟවා තිබේ.
තවද, මේ සම්බන්ධයෙන් පොලීසිය, මාර්ගගත ක්රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිෂන් සභාව සහ ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වෙතද පැමිණිලි කිරීමට පියවර ගන්නා බව නීතිඥවරු වැඩිදුරටත් සඳහන් කරති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart