
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
‘ස්ටාර් ට්රෙක්’ (Star Trek) ටෙලිකථා මාලාවේ ‘කැප්ටන් ජීන්-ලුක් පිකාඩ්’ ලෙස ලොව පුරා අතිශය ජනප්රියත්වයට පත් ප්රකට බ්රිතාන්ය නළුවෙකු මෙන්ම අධ්යක්ෂවරයකු වන ශ්රීමත් පැට්රික් ස්ටුවර්ට් අල්සයිමර් සහ ඇල්සයිමර් ආශ්රිත ඩිමෙන්ෂියා රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙමින් සිට වයස අවුරුදු 86 දී අභාවප්රාප්ත වී තිබේ.
එංගලන්තයේ මර්ෆීල්ඩ් හි උපත ලද ස්ටුවර්ට්, වයස අවුරුදු 12 දී රංගනයට පිවිසි අතර, 1966 සිට 1982 දක්වා සුප්රකට ‘රෝයල් ෂේක්ස්පියර් සමාගමේ’ (Royal Shakespeare Company) සාමාජිකයෙකු ලෙස වේදිකා නාට්ය ක්ෂේත්රයේ කැපීපෙනෙන මෙහෙවරක් ඉටුකළේය. 1987 දී ‘Star Trek: The Next Generation’ කථා මාලාවේ නායක පිකාඩ්ගේ චරිතය වෙනුවෙන් තේරී පත්වීමත් සමඟ ඔහු අන්තර්ජාතික මට්ටමේ අතිශය ජනප්රිය නළුවකු බවට පත් විය.
තමන්ටම ආවේණික වූ සන්සුන් හා විශිෂ්ට රංගන කෞශල්යයෙන් ස්ටාර් ට්රෙක් ප්රේක්ෂකයන්ගේ හදවත් දිනාගත් ඔහු, 2023 දී අවසන් වූ ‘Star Trek: Picard’ කථා මාලාව හරහා ද සිය අද්විතීය රංගනය ඉදිරිපත් කළේය. රංගන ක්ෂේත්රයට සහ කලා ලෝකයට කළ සේවය වෙනුවෙන් 2010 වසරේදී එලිසබෙත් රැජින විසින් ඔහුට ‘ශ්රීමත්’ (Knight) ගෞරව නාමය පිරිනමන ලදී.
රංගනයට අමතරව ගෘහස්ථ ප්රචණ්ඩත්වයට එරෙහිව සහ මානව හිමිකම් වෙනුවෙන් හඬ නැගූ සමාජ ක්රියාකාරිකයෙකු ලෙස ද ඔහු කටයුතු කළේය.
2024 වසරේදී ‘Making it So’ නමින් සිය චරිතාපදානය ප්රකාශයට පත්කළ ස්ටුවර්ට්ගේ වියෝව ලෝකවාසි සිනමා සහ ටෙලිනාට්ය ප්රේක්ෂකයන්ට පියවා ගත නොහැකි පාඩුවකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart