October 28, 2026

කුප්‍රකට ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය නිකුත් කිරීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් නොවැම්බර් 3 වැනිදාට නියම කරන ලදී.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ සැකකරුගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේය.

කොළඹ කොටුවේ ට්‍රාන්ස්වර්ක්ස් චතුරස්‍රයේ පිහිටි ඉඩමක් බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ක්‍රිෂ් සමූහය වෙත පැවරීමට පහසුකම් සැලසීමට අදාළව රුපියල් මිලියන 100 ක අල්ලසක් ලබාගත් බවට එල්ල වූ චෝදනා මත නාමල් රාජපක්ෂ මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.