October 28, 2026

අධිකරණයක් විසින් ලබාදුන් තීන්දුවක් අධිකරණයට ඉහළින් සිටිමින් වෙනස් කිරීමට රජයට අදහසක් නොමැති බව කැබිනට් ප්‍රකාශක, ඇමැති නලින්ද ජයතිස්ස අවධාරණය කළේය.

ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ඉල්ලා සිටියහොත් ගලගොඩත්තේ ඥානාසර භික්ෂුවට ජනාධිපති සමාව ලබාදීමට රජය බලාපොරොත්තු වනවාදැයි ජනමාධ්‍යවේදීන් කරන ලද විමසීමකට පිළිතුරු ලබාදෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය සාකච්ඡාවේදී මෙම ප්‍රශ්නය ඉදිරිපත් විය.

ත්‍රෛනිකායික මහානාහිමිවරුන් වෙතින් මෙතෙක් එවැනි ඉල්ලීමක් ඉදිරිපත්වී නොමැති බවද ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.