
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොලිස් භාරයේ පසුවන පුද්ගලයකුගේ ජීවිතය, සෞඛ්යය සහ ශරීර අඛණ්ඩතාව ආරක්ෂා කිරීම රජයේ මූලික සහ පැහැර හැරිය නොහැකි වගකීමක් බව අවධාරණය කරන ශ්රී ලංකා නීතිඥ සංගමය, පොලිස් අත්අඩංගුවේදී සිදුවන මරණ අතිශයින්ම බරපතළ කාරණයක් ලෙස සැලකිය යුතු බව පෙන්වා දෙයි. හෝමාගම පොලිස් ස්ථානයේ රඳවා සිටි 29 හැවිරිදි තරුණයකුගේ මරණය සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයක නීතිඥ සංගමය මේ බව සඳහන් කර තිබේ.
පොලිස් භාරයේ සිටියදී සිදුවන හිංසා පීඩා හෝ අයුතු ලෙස සැලකීම් පිළිබඳ ඕනෑම චෝදනාවක් සැහැල්ලුවට නොගෙන උපරිම බැරෑරුම්කමකින් යුතුව සලකා බැලිය යුතු බවත්, වැරදිකරුවන් වන පාර්ශ්වයන් සිටී නම් නීතිය දැඩි ලෙස ක්රියාත්මක කළ යුතු බවත් නීතිඥ සංගමය දැඩිව අවධාරණය කරයි.
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 13(4) වගන්තිය උපුටා දක්වමින් එම සංගමය පෙන්වා දෙන්නේ, නිසි අධිකරණයක නියෝගයකින් හැර කිසිදු අයුරකින් පුරවැසියකුගේ ජීවිතය අහිමි කළ නොහැකි බවත්, අත්අඩංගුවේ පසුවන පුද්ගලයින්ගේ අයිතිවාසිකම් සහ ගෞරවය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කිරීමට නීතිය ක්රියාත්මක කරන අංශ බැඳී සිටින බවත්ය.
පොලිස් අඩස්සියේදී සිදුවන හිංසා සම්බන්ධ චෝදනාවකදී මහජන විශ්වාසය තහවුරු කිරීම සඳහා කිසිදු සාධාරණ ප්රශ්නයකට පිළිතුරු නොදී මගහැර යාමට ඉඩ නොදිය යුතු බවත්, වරදට සම්බන්ධ ඕනෑම අයකු නීතියේ දැලට හසු කර වගවීම තහවුරු කළ යුතු බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
ශ්රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සහ ලේකම් නලින්ද සිල්වාගේ අත්සන් යුතුව 2026 ඔක්තෝබර් 27 දිනැතිව මෙම නිවේදනය නිකුත් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart