
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බෙංගාල බොක්ක ආශ්රිතව වර්ධනය වෙමින් පවතින ‘අර්නබ්’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ, ඉන්දියාව ආසන්න මුහුදේ සිරවී තිබූ මෙරට බහුදින ධීවර යාත්රා 25කට ආරක්ෂිත පියවරක් ලෙස ඉන්දීය මුහුදු සීමාවට ඇතුළු වීමට අවසර හිමිව තිබේ.
කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හරහා ශ්රී ලංකා රජය විසින් ඉන්දීය රජයෙන් කරන ලද විශේෂ ඉල්ලීමකට අනුව මෙම අවසරය ලබා දී ඇත.
බෙංගාල බොක්ක ආශ්රිතව නිර්මාණය වී ඇති ‘අර්නබ්’ සුළි කුණාටුව හමුවේ, ඉන්දීය මුහුදු තීරය ආසන්නයේ පවතින ධීවර යාත්රාවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්යාංශය මගින් මෙම පියවර ගෙන තිබේ.
කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද උපදෙස්වලට අනුකූලව, බලපෑමට ලක් වූ මුහුදු ප්රදේශවලින් වහාම ඉවත් වී ආරක්ෂිත ස්ථාන වෙත ගමන් කරන ලෙසද එම බහුදින යාත්රාවලට උපදෙස් දී ඇත.
මේ අතර, පවතින තත්ත්වයට මුහුණ දීම සඳහා අනුගමනය කළ යුතු ක්රියාමාර්ග පිළිබඳව අදාළ මුහුදු ප්රදේශයේ නියැලී සිටින සියලුම යාත්රා හිමිකරුවන් නිල වශයෙන් දැනුවත් කිරීමට ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
ඉදිරියේදී නිකුත් කරනු ලබන කාලගුණික අනතුරු ඇඟවීම් සහ උපදෙස් කෙරෙහි දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, විමසිලිමත් වන ලෙසත් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්යාංශය සමස්ත ධීවර ප්රජාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart