
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මඩකලපුව, තන්නාමුනේ ප්රදේශයේ පදිංචිව සිටි අවුරුද්දක් වයසැති කුඩා දරුවකු නාන කාමරයේ තිබූ ජලය පිරවූ බාල්දියකට වැටීමෙන් මියගොස් ඇති බව එරාවුර් පොලිසිය පවසයි.
අනතුර සිදුවන අවස්ථාවේ දරුවාගේ මව නාන කාමරයේ රෙදි සෝදා වේලීමට දමමින් සිට ඇති අතර, ඒ වන විට නිදා සිටි දරුවා අවදි වී නාන කාමරය වෙත පැමිණෙනු මව දැක තිබේ. එම අවස්ථාවේ දරුවා නෑවීම සඳහා අවශ්ය වෙනත් ඇඳුම් කිහිපයක් රැගෙන ඒම සඳහා මව මොහොතකට නිවස තුළට ගොස් ඇත.
එම කෙටි කාලය තුළ, රෙදි සේදීමෙන් පසු නාන කාමරයේ ඉතිරිව තිබූ වතුර සහිත බාල්දියට දරුවා වැටී ඇති අතර, යළි පැමිණි මව දැක ඇත්තේ දරුවාගේ හිස පහළට හැරී බාල්දිය තුළ හුස්ම නොගන්නා තත්ත්වයෙන් සිටින බවයි.
පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව දරුවාගේ දේහය අවසන් කටයුතු සඳහා පවුලේ ඥාතීන් වෙත භාර දී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් එරාවුර් පොලිසිය වැඩිදුර විමර්ශන ක්රියාත්මක කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart