
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්රී ලංකාවේ වටිනා අලි ගහනය ආරක්ෂා කර ගැනීම සඳහා දැඩි ක්රියාමාර්ග ගත යුතු බවත්, කාවන්තිස්ස ඇතාගේ අභාවය සාමාන්ය මරණයක් ලෙස නොසලකා එය සැබැවින්ම ඝාතනයක් ලෙස පිළිගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස ප්රකාශ කළේය. දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.
අලි ඇතුන් යනු මෙරට ජාතික හා සංස්කෘතික උරුමයේ අතිශයින්ම වැදගත් කොටස්කරුවන් වන බැවින්, විශේෂ සංරක්ෂණ වැඩසටහනක් හරහා ඔවුන් සුරක්ෂිත කළ යුතු බව ඔහු පෙන්වා දී තිබේ. මේ සඳහා විශේෂිත අලි සංරක්ෂණ උපායමාර්ගයක්, ජාතික භූ භාවිත සැලැස්මක් සහ ජනතා කේන්ද්රීය පරිසර ආරක්ෂණ ක්රමවේදයක් හඳුන්වා දෙන ලෙස ඔහු යෝජනා කර ඇත.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව පවතින සීමිත මානව හා භෞතික සම්පත් ගැටලුවට විසඳුම් ලෙස, අලි සංරක්ෂණ ප්රයත්න ශක්තිමත් කිරීම සඳහා පුළුල් රාජ්ය අනුග්රහයක් ලබා දීමේ දැඩි අවශ්යතාව ද විපක්ෂ නායකවරයා මතු කර තිබේ. විශේෂයෙන්ම රට තුළ දළ සහිත ඇතින්නන්ගේ සංඛ්යාව ක්රමයෙන් අඩුවී යාම පිළිබඳව දැඩි කනස්සල්ල පළ කළ ඔහු, මේ තත්ත්වය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටියේය.
රෝගී වන අලි ඇතුන් පිළිබඳව වහාම තොරතුරු වාර්තා කිරීම සඳහා විශේෂ ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දෙන ලෙසත්, වනජීවී දෙපාර්තමේන්තුව සහ අලි සුභසාධන සංවිධාන එකමුතුව කටයුතු කළ යුතු බවත් ඔහු පැවසුවේය. අලි ඇතුන්ට ප්රතිකාර කරන පශු වෛද්යවරුන්ගේ පහසුකම් නංවාලීම සඳහා අවශ්ය multiparameter monitors කිහිපයක් ලබා දීමට ද දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය සූදානම් බව ඔහු තවදුරටත් සඳහන් කර තිබේ.
මෙම සංරක්ෂණ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා සිවිල් සංවිධාන සහ පරිසරවේදීන්ගේ දායකත්වය අත්යවශ්ය වන බව පෙන්වා දී ඇති විපක්ෂ නායකවරයා, තවදුරටත් මෙවැනි අලි ඝාතන සිදුවීම වැළැක්වීමට සියලු පාර්ශ්වයන් එක්විය යුතු බව පවසා තිබේ.
මේ අතර, පුළුල් පාරිසරික අභියෝග පිළිබඳව අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ, එල් නිනෝ සහ ලා නිනා වැනි දේශගුණික තත්ත්වයන්ගේ බලපෑම් පිළිබඳව ග්රාමීය මට්ටමින් ජනතාව දැනුවත් කළ යුතු බවයි. දේශගුණික අවදානම් අවම කර ගැනීම සඳහා මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් රටේ සියලුම ග්රාම නිලධාරී කොට්ඨාශ වෙත ළඟා කරවිය යුතු බව ද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සදහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart