
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලොව පුරා විවිධ රටවල හදිසි අර්බුදකාරී තත්ත්වයන් හටගන්නා අවස්ථාවලදී එහි සිරවී සිටින සිය රටවැසියන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය තහවුරු කිරීමට ඉන්දියාව අඛණ්ඩව කටයුතු කර ඇති බව ඉන්දීය වාණිජ හා කර්මාන්ත අමාත්ය පියුෂ් ගෝයල් පවසයි.
ජර්මනියේ බර්ලින් නුවර පැවැති උත්සවයක් අමතමින් අමාත්යවරයා පෙන්වා දුන්නේ හදිසි අවස්ථාවලදී බොහෝ රටවල් සංචාරක උපදෙස් නිකුත් කිරීමට පමණක් සීමා වන බවයි.
නමුත්, ඉන්දියාව ක්රියාත්මක වන්නේ සිය ග්රහණයෙන් මිදී මව්බිමට පැමිණීමට අවශ්ය වැසියන් සුරක්ෂිතව ආපසු ගෙන ඒමට ප්රායෝගික පියවර ගනිමින් බව ඔහු පැවසුවේය. එසේම, ඉන්දියානුවන්ට අමතරව අර්බුදකාරී ප්රදේශවල සිරවී සිටි වෙනත් රටවල වැසියන් මුදාගැනීමටද ඉන්දියාව සහාය වී ඇති බව ඔහු සඳහන් කළේය.
යුක්රේන යුද සමයේදී සිදුකළ මුදාගැනීමේ මෙහෙයුම් පිළිබඳව සිහිපත් කරමින් අමාත්ය ගෝයල් කියා සිටියේ, අග්රාමාත්ය නරේන්ද්ර මෝදි එම මෙහෙයුම් පෞද්ගලිකවම නිරීක්ෂණය කළ බවයි.
ඒ සඳහා නවදිල්ලි නුවර විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කරමින් අඛණ්ඩව මගපෙන්වීම් ලබාදුන් අතර, මුදාගැනීමේ කටයුතු පහසු කිරීම සඳහා ජ්යෙෂ්ඨ අමාත්යවරුන් සිව්දෙනෙකු යුක්රේනයට මායිම් වූ අසල්වැසි රටවලට පිටත් කර හැරීමටද පියවර ගත් බව අමාත්යවරයා පැවසීය.
මෙම කැපවීම් මගින් පෙන්නුම් කරන්නේ අභියෝගාත්මක සහ දුෂ්කර අවස්ථාවලදී සිය රටවැසියන් ආරක්ෂා කරමින් ඔවුන්ගේ සුරක්ෂිත පැමිණීම තහවුරු කිරීමට ඉන්දියාව දක්වන කැපවීම බවද අමාත්යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart