October 22, 2026

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ජේමි සිඩන්ස් ධුරයෙන් ඉල්ලා අස්වී නොමැති අතර, පෞද්ගලික හේතුවක් මත කණ්ඩායමේ ඉදිරි තරග සංචාරය අහිමි වනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා Newswire වෙබ් අඩවිය වෙත පවසා ඇත.

සිඩන්ස් සිය කොන්ත්‍රාත් කාලය අතරමැදදී ධුරයෙන් ඉල්ලා අස්වූ බවට පළවන ජනමාධ්‍ය වාර්තා තහවුරු කරමින් ප්‍රධාන විධායක නිලධාරියා පවසා ඇත්තේ, ඕස්ට්‍රේලියානු ජාතික ඔහු දැනට පෞද්ගලික කාරණයකට සහභාගී වීම සඳහා විදේශගතව සිටින අතර නැවතත් සිය ධුරයේ කටයුතු භාරගැනීමට නියමිත බවයි.

සිඩන්ස් නැවත පැමිණෙන තෙක් රුමේෂ් රත්නායක තාවකාලිකව කණ්ඩායමේ වැඩබලන ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇත.

මෙම පියවර තාවකාලික එකක් වන අතර එය නිත්‍ය පුහුණුකරු ධූරයේ වෙනසක්නො සිදුකරන බව ද ප්‍රධාන විධායක නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර ඇත.