October 21, 2026

එංගලන්ත කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායම විස්සයි-20 සහ එක්දින තරගාවලියකට සහභාගී වීම සඳහා 2027 පෙබරවාරි සහ මාර්තු මාසවලදී ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වීමට නියමිතය.

එංගලන්ත කණ්ඩායම තරග තුනකින් සමන්විත විස්සයි-20 තරගාවලිය සඳහා පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණෙන අතර, 2027 ICC කාන්තා ශූරයන්ගේ කුසලාන (Champions Trophy) තරගාවලියෙන් අනතුරුව එක්දින තරගාවලිය සඳහා මාර්තු මාසයේදී නැවත දිවයිනට පැමිණෙනු ඇත.

විස්සයි-20 තරගාවලිය පෙබරවාරි 1 වැනිදා ආරම්භ වන අතර, පළමු තරගය මහනුවර පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. දෙවැනි සහ තෙවැනි විස්සයි-20 තරග පිළිවෙලින් පෙබරවාරි 3 සහ 5 යන දිනයන්හිදී එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ.

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය රංගිරි දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. පළමු එක්දින තරගය මාර්තු 4 වැනිදා ද, දෙවැනි තරගය මාර්තු 6 වැනිදා ද, තෙවැනි තරගය මාර්තු 8 වැනිදා ද පැවැත්වීමට සැලසුම් කර ඇත.