
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වයත් සමඟ තෙල් සැපයුම අඩාළ විය හැකි බවට ඇති වූ බිය නිසා ලෝක වෙළඳපොළේ බ්රෙන්ට් බොරතෙල් බැරලයක මිල සිකුරාදා ඩොලර් 110 සීමාවට ආසන්න වී ඇත. ඒ අනුව බ්රෙන්ට් බොරතෙල් මිල 3.7% කින් ඉහළ ගොස් ඩොලර් 109.86 ක් ලෙස සටහන් වූ අතර, ඇමෙරිකානු WTI බොරතෙල් මිල 3.5% කින් ඉහළ ගොස් ඩොලර් 101.41 ක් දක්වා වැඩිවිය.
සෞදි අරාබියේ බලශක්ති යටිතල පහසුකම්වලට ප්රහාර එල්ල වන බවට පැතිර ගිය කටකතා සහ හෝමූස් සමුද්ර සන්ධිය ආශ්රිතව ප්රහාර තීව්ර වීම මෙම මිල ඉහළ යෑමට ප්රධාන වශයෙන් හේතු වී තිබේ. රතු මුහුද ආශ්රිත යාන්බු නගරය දෙසට එල්ල වූ මිසයිලයක් වළක්වා විනාශ කිරීමට සෞදි අරාබිය සමත් වුවද, සැපයුම් මාර්ග පිළිබඳ අවදානම තවදුරටත් පවතී.
ඊට අමතරව, යුක්රේනය විසින් රුසියාවේ ‘රියාසාන්’ තෙල් පිරිපහදුවට එල්ල කළ ඩ්රෝන ප්රහාරයෙන් පසු එහි පිරිපහදු කටයුතු තාවකාලිකව අත්හිටුවීමට සිදු වී ඇත. එමඟින් ගෝලීය වෙළඳපොළට රුසියාවෙන් සැපයෙන ඩීසල් ප්රමාණය සීමා වනු ඇතැයි ආයෝජකයෝ කනස්සල්ල පළකරති.
මෙම සැපයුම් හිඟයට පිළියමක් ලෙස අන්තර්ජාතික බලශක්ති නියෝජිතායතනය (IEA) ඉන්ධන බැරල් මිලියන 20 කට වඩා වෙළඳපොළට නිදහස් කිරීමට එකඟ වී තිබේ. එසේම, ඇමෙරිකානු බලශක්ති දෙපාර්තමේන්තුව ද සිය උපායමාර්ගික පෙට්රෝලියම් සංචිතයෙන් (SPR) බොරතෙල් බැරල් මිලියන 17 ක් දක්වා හුවමාරු කර ගැනීමට පියවර ගනිමින් සිටියි.
කෙසේවෙතත්, මැදපෙරදිග ගැටුම් සමනය වන තෙක් තෙල් මිල ඉහළ මට්ටමක පවතිනු ඇතැයි ක්ෂේත්රයේ විශ්ලේෂකයෝ පෙන්වාදෙති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart