
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගාල්ල මුහුදු තීරයේ නාවික සැතපුම් 12 සීමාවෙන් ඔබ්බෙහි සිරවී සිටින, භාණ්ඩ නොමැති ඉරාන නෞකාවල සිටින නාවිකයින් සඳහා ජීවිතාරක්ෂක සහන සැලසීමට ඉහළම මට්ටමින් මැදිහත්වන ලෙස ඉරානය ඉන්දියාවෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.
මෙම සිදුවීම පිළිබඳ තොරතුරු දන්නා ආරංචි මාර්ග සඳහන් කරන්නේ, මෙම නෞකා මුහුදු ගමන් බලඇණියේ සිටින පිරිස අතර ඉන්දියානු ජාතිකයින් ද සිටින බැවින් උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් ඉරානය ඉන්දීය රජය දැනුවත් කර ඇති බවයි.
මීට මාස කිහිපයකට පෙර බොරතෙල් ගොඩබෑමෙන් පසු ආපසු යමින් සිටි මෙම නෞකා සමූහය දැනට ශ්රී ලංකාවේ අනන්ය ආර්ථික කලාපය තුළ මෙලෙස සිරවී සිටින බව එම ආරංචි මාර්ග අවධාරණය කරයි.
2026 මාර්තු 04 වන දින, ඉන්දියාවේ සිට ආපසු පැමිණෙමින් තිබූ නිරායුධ ඉරාන යුද නෞකාවකට ගාල්ල වෙරළට නාවික සැතපුම් 19 ක් පමණ ඔබ්බෙන් වූ මුහුදේදී ඇමරිකානු නාවික හමුදාව විසින් ටෝපිඩෝ ප්රහාරයක් එල්ල කර තිබිණි එම ප්රහාරයෙන් ඉරාන ජාතිකයන් 100 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ.
මේ අතර, පවතින තත්ත්වය හමුවේ ඉන්දියාවේ ප්රතිචාරය කෙබඳුදැයි කොළඹ පිහිටි ඉරාන තානාපති කාර්යාලය, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් විමසා ඇති බව ආරංචි මාර්ග පවසයි.
සිරවී ඇති මෙම ඉරාන නෞකාවලට ආහාර, ජලය, ඖෂධ සහ වෙනත් සේවාවන් සැපයීමට එරෙහිව ඇමරිකාව විසින් ගෝලීය අවවාදාත්මක නිවේදනයක් ද නිකුත් කර ඇත.
මෙම ගැටලුව සම්බන්ධයෙන් ඉරානය සහ ඉන්දියාව අතර පැවැත්වෙන සාකච්ඡාවල අවසාන ප්රතිඵලය මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මෙම ගැටලුව විසඳීමට ඉරානය දරන උත්සාහයට ඉන්දියාව පූර්ණ සහය නොදැක්වීමට ඉඩ ඇති බව ද ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
The Island පුවත්පත මේ පිළිබඳ තතු දත් විශ්වාසකටයුතු ආරංචි මාර්ග උපුටා දක්වමින් සඳහන් කළේ, ඇමරිකාව නිකුත් කර ඇති අවවාදාත්මක නිවේදනය හේතුවෙන් ශ්රී ලංකාව සහ ඉන්දියාව යන රටවල් දෙකම දැඩි දෙගිඩියාවකට පත්ව සිටින බවයි. කෙසේ වෙතත්, තම කලාපය ආසන්නයේ සිරවී සිටින ඉරාන නෞකාවල සිටින ඉන්දීය ජාතික නාවිකයන්ගේ අවාසනාවන්ත තත්ත්වය නොසලකා හැරීමට ඉන්දියාවට හැකියාවක් නැත.
තම අනන්ය ආර්ථික කලාපය තුළ සිරවී ඇති මෙම නෞකා සම්බන්ධයෙන් ශ්රී ලංකා රජය මෙතෙක් කිසිදු ප්රකාශයක් සිදු කර නොමැත. මෙම නෞකාවල සේවය කරන පිරිස අතර ඉන්දියානුවන්ට අමතරව බංග්ලාදේශ ජාතිකයෝ ද සිටිති. අන්තර්ජාතික නීතියට අනුව අදාළ රටවල් විසින් මෙම පිරිස් වෙත සහන සැලසීමේ වගකීම ඉටුකළ යුතු බව ඉරානය පැහැදිලිවම පෙන්වා දී ඇත.
ඉරානයේ මෙම ස්ථාවරය ශ්රී ලංකාවේ ඉරාන තානාපති ආචාර්ය අලිරේසා දෙල්කොෂ් විසින් මෑතකදී අවධාරණය කරන ලදී. විශේෂ ප්රකාශයක් කරමින් තානාපති දෙල්කොෂ් පෙන්වා දුන්නේ, එක්සත් ජාතීන්ගේ සමුද්රීය නීති සම්මුතියේ 98 වන වගන්තිය මෙන්ම මුහුදේදී ජීවිත ආරක්ෂා කිරීම පිළිබඳ සම්මුතිය සහ සමුද්රීය සෙවීම් සහ බේරාගැනීම් පිළිබඳ සම්මුතිය යන ජාත්යන්තර සම්මුතීන්ට අනුව, තම අනන්ය ආර්ථික කලාපයේ සිරවී සිටින ඉරාන නෞකාවලට අවශ්ය පහසුකම් සැලසීමෙන් බැහැරවීමට ශ්රී ලංකාවට හැකියාවක් නොමැති බවයි.
(The Island)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart