
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නෙදර්ලන්තයේ සංස්කෘතික හා මාධ්‍ය රාජ්‍ය ලේකම් ගුණේ උස්ලුගේ නායකත්වයෙන් යුත් නෙදර්ලන්ත සංස්කෘතික දූත පිරිසක් අගෝස්තු 27 සිට 31 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට සූදානම් වෙති.
රාජ්‍ය ලේකම්වරිය ශ්‍රී ලංකාවේ විශේෂ සංචාරයක නිරත වන්නේ මේ වසර අගදී ශ්‍රී ලංකාවට ආපසු ලබාදෙන සංස්කෘතික පුරාවස්තුවල අයිතිය පැවරීමේ නීතිමය ලියවිල්ලට අත්සන් තැබීම සඳහා ය.
මෙම පුරාවස්තූන් අතර සුප්‍රසිද්ධ ලෙව්කේ දිසාවගේ කාලතුවක්කුව, රන් කස්තාන දෙකක්, පිහි, රිදී කස්තාන සහ තුවක්කු දෙකක් ඇතුළත් වේ.
මෙම ඓතිහාසික අවස්ථාව සනිටුහන් කිරීම සඳහා මෙරටට පැමිණෙන රාජ්‍ය ලේකම්වරිය ශ්‍රී ලංකා රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවීමට නියමිතය.
මෙම භාණ්ඩවල නීත්‍යනුකූල අයිතිය පැවරීම 2023 අගෝස්තු 28 වැනි සඳුදා ශ්‍රී ලංකා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේදී සිදුකෙරේ.
මෙම නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ ආගමික හා ලන්දේසි ඓතිහාසික වටිනාකමක් ඇති ස්ථාන කිහිපයක සංචාරය කිරීමටද නියමිතය.
අගෝස්තු 29 වැනි දින සවස 04ට ශ්‍රී ලංකා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේදී රාජ්‍ය ලේකම්වරිය විසින් පවත්වනු ලබන මහජන දේශනයක් ද සංවිධානය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart