
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සවුදි අරාබියේ රියාද් නුවර පිහිටි කිං කාලිඩ් අන්තර්ජාතික ගුවන්තොටුපළේ මගී පර්යන්තයකට ඉරිදා (ඔක්තෝබර් 11) හඳුනානොගත් ප්‍රහාරයක් එල්ලවූ බව යේමනයේ හූති කැරලිකරුවන්ට එරෙහිව සටන් වදින සවුදි නායකත්වයෙන් යුත් හමුදා සන්ධානය පවසයි.
එම ස්ථානයට එල්ල වූ මාරාන්තික මිසයිල ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් 300 කට වැඩි පිරිසක් තුවාල ලබා පැය 24 ක් යන්නට මත්තෙන්, මෙම ප්‍රහාරය ගුවන්තොටුපළේ 4 වන පර්යන්තයට එල්ලවූ වූ බව හමුදා සන්ධානය ප්‍රකාශ කළේය.
සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් තුර්කි අල්-මල්කි පැවසුවේ සවුදි ගුවන් ආරක්ෂක පද්ධති මගින් ගුවන්තොටුපළ ආසන්නයේදී කෲස් මිසයිලයක් වළක්වා විනාශ කිරීමට සමත් වූ බවයි.
අලුතින් එල්ල වූ මෙම ප්‍රහාරය සහ සිදු වූ හානියේ ප්‍රමාණය මෙතෙක් පැහැදිලි නැත. කෙසේවෙතත් එම ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානියක් සිදු වූ බවට මෙතෙක් තහවුරු වී නොමැත.
සෙනසුරාදා එල්ල වූ ප්‍රහාරය, පෙබරවාරි මාසයේදී ඉරාන යුද්ධය ආරම්භ වූ දා සිට ගල්ෆ් අරාබි රටකට එල්ල වූ මාරාන්තිකම ප්‍රහාරය ලෙස වාර්තා වේ.
එමගින් ගුවන්තොටුපළේ මෙහෙයුම් අත්හිටුවීමට සිදු වූ අතර, අන්තර්ජාතික ගුවන් සේවා කිහිපයක්ම ඔවුන්ගේ ගුවන් ගමන් අවලංගු කිරීමට හෝ වෙනත් මාර්ග වෙත යොමුකිරීමට පියවර ගත්තේය.
සෞදි අනුග්‍රහය ලබන යේමන රජයේ හමුදා සහ ඉරාන අනුග්‍රහය ලබන හූති කැරලිකරුවන් අතර සටන් උග්‍රවීමත් සමඟ මෙම ප්‍රහාර එල්ල වී තිබේ.
යේමනය තුළ සිදුකෙරෙන සවුදි හමුදා මෙහෙයුම් නවත්වන්නේ නැත්නම් තත්ත්වය තවදුරටත් උග්‍ර වන බවට තර්ජනය කරමින්, සෞදි ගුවන්තොටුපොළවල් සහ ගුවන් සීමාව භාවිතා නොකරන ලෙස හූතිවරුන් විසින් ගුවන් සමාගම් සහ මගීන් වෙත නැවතත් අනතුරු අඟවා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart