
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අදට යෙදී තිබෙන රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ උපන්දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් යොමුකරමින්, උතුරු කොරියානු නායක කිම් ජොං උන් රුසියාවට උතුරු කොරියාවේ නොසැලෙන සහයෝගය ලබාදෙන බව නැවතත් තහවුරු කර තිබේ.
යුක්රේනය සමග පැවැත්වෙන යුද්ධය රුසියාවේ “පූජනීය සටනක්” ලෙස ද ඔහු හඳුන්වා දී ඇති බව උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය.
2022 වසරේදී රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කිරීමෙන් අනතුරුව, උතුරු කොරියාව ක්‍රෙම්ලිනයේ ප්‍රධානතම මිත්‍ර පාක්ෂිකයෙකු බවට පත් විය. ඒ අනුව ආර්ථික ප්රතිලාභ සහ හමුදා තාක්ෂණය ලබාගැනීමේ පදනම මත රුසියානු හමුදාවන්ට සහාය වීම සඳහා උතුරු කොරියාව විසින් සිය සෙබළුන් ද යුද බිමට යවන ලදී.
පසුගිය වසරේදී දකුණු කොරියානු බුද්ධි අංශය ඇස්තමේන්තු කළේ යුද බිමේදී උතුරු කොරියානු සෙබළුන් 2,000ක් පමණ මියගොස් ඇති බවයි. කෙසේ වෙතත්, නවතම වාර්තාවලට අනුව මියගිය සහ තුවාල ලැබූ සංඛ්‍යාව 6,000කට ආසන්න බව පෙන්වා දෙයි.
“ඔබ සමග පවතින මෙම යහපත් මිත්‍රත්වය පිළිබඳව මා සතුටු වන අතර, අප දෙරට අතර සබඳතාවල නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට ද හැකිව තිබෙනවා,” යනුවෙන් නිල කොරියානු මධ්‍යම පුවත් සේවය මගින් කිම් ජොං උන්ගේ සංදේශය උපුටා දක්වා තිබිණි.
තවද, “ඔබ සහ රුසියානු සමූහාණ්ඩුව වෙනුවෙන් මගේ නොසැලෙන සහාය නැවතත් තහවුරු කරනවා,” යැයි පැවසූ කිම් ජොං උන්, රුසියානු ජනතාවගේ මෙම පවිත්‍ර හා සාධාරණ සටන නිසැකවම ජයග්රහණයෙන් කෙළවර වන බවට තමාට දැඩි විශ්වාසයක් පවතින බව ද වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart