October 6, 2026

මාතලේ, නාඋල, අම්බන හන්දිය ප්‍රදේශයේදී රැකියාවට යමින් සිටි පුද්ගලයෙකු වන අලියෙකුගේ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියගිය පුද්ගලයා වෘත්තියෙන් රියදුරෙකුවූ අතර, ඔහු අලුයම 4.00 ට පමණ සිය පා පැදියෙන් රැකියා ස්ථානය වෙත ගමන් කරමින් සිටියදී ප්‍රදේශයේ නිතර ගැවසෙන වන අලියෙකුගේ ප්‍රහාරයට ලක්ව ඇත.

අම්බන ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ තුසිත කුමාර නමැත්තෙකු මෙලෙස වන අලියාගේ පහරදීමෙ මියගොස් ඇති අතර ඒ වනවිට ඔහු 65 හැවිරිදි වියේ පසුවිය.

වන අලියා දැකීමෙන් පසු ඔහු පා පැදියෙන් බැස පලා යාමට උත්සාහ කර ඇති නමුත් පාපැදිය සමඟ මාර්ගයට ඇද වැටීමෙන් පසු වන අලියා ඔහුට පහර දී ඇති බව එම ස්ථානයේ තිබූ CCTV දර්ශන මගින් අනාවරණය වී තිබේ.

නාඋල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.