
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බන්ධනාගාර ගතකර සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර භික්ෂුවට බන්ධනාගාරය තුළදී මෙන්ම අධිකරණ කටයුතු සඳහා පිටතට රැගෙන එන අවස්ථාවලදී ද සිවුරු දැරීමට අවසර දෙන ලෙස ඉල්ලා, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාවේ අනුනායක, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කර තිබේ.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත මෙම ලිපිය යොමු කරමින් උන්වහන්සේ පෙන්වා දී ඇත්තේ, ඥානසාර භික්ෂුව මහාවිහාර වංශික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණ සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවට අයත් භික්ෂූන් වහන්සේනමක් වන බවයි.
අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් කිසිදු විරෝධතාවක් ප්‍රකාශ නොකරන බවත්, අධිකරණයේ උත්තරීතරභාවය සම්පූර්ණයෙන්ම අගය කරන බවත් පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ එම ලිපියෙන් අවධාරණය කර තිබේ.
කෙසේවෙතත්, භික්ෂුවකගේ සිවුර සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ බලය ඇත්තේ අදාළ භික්ෂුවට සහ එම භික්ෂුව අයත් මහා සංඝ සභාවට පමණක් බව උන්වහන්සේ එම ලිපිය මගින් පෙන්වා දී ඇත.
විනයානුකූල නීති සහ සම්ප්‍රදායන්ට අනුව, භික්ෂුවකගේ සිවුර ඉවත් කිරීම යනු අදාළ නිකායේ හෝ මහාසංඝ සභාවේ මහානායක හිමියන්ගේ අනුමැතිය සහිතව කළ යුතු ආගමික කාරණයක් බව ද ලිපියේ සඳහන් කර තිබේ.
මෙම ස්ථාපිත සම්ප්රදාය නොසලකා හැරීම බුද්ධ ශාසනයට වැරදි පූර්වාදර්ශයක් වනු ඇති බවට අනුනායක හිමියෝ සිය ලිපිය මගින් අනතුරු අඟවා ඇත.
ඥානසාර භික්ෂුව විනය පිටකයට පටහැනි වරදක් කර ඇති බවට හෝ සිවුරු ගැලවිය යුතු බරපතල ආගමික වරදක් කර ඇති බවට සංඝ සභාවට කිසිදු වාර්තාවක් ලැබී නොමැති බවද උන්වහන්සේ සඳහන් කර තිබේ.
භික්ෂුවකගේ සිවුර ගැලවිය යුතුද නැතහොත් සිවුරු දැරීමට අවසර දිය යුතුද යන්න විනය පරීක්ෂණයක් පවත්වා තීරණය කිරීම අදාළ සංඝ සභාවේ වගකීමක් බව උන්වහන්සේ පෙන්වා දී ඇත.
ඒ අනුව, ඥානසාර හිමියන්ගේ සිවුරු ඉවත් නොකරන ලෙසත්, උන්වහන්සේට අඛණ්ඩව සිවුරු දැරීමට අවසර ලබා දෙන ලෙසත් අනුනායක හිමියෝ බන්ධනාගාර බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart