
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඩුබායි සිට ටෙල් අවිව් දක්වා පියාසර කරමින් තිබූ FZ1073 දරන flydubai ගුවන් යානය තුළ සිදු වූ ආරක්ෂක අර්බුදයේදී, සිය ජීවිතය පරදුවට තබමින් මගීන් සිය ගණනකගේ ජීවිත බේරාගැනීමට ක්‍රියා කළ ප්‍රධාන ගුවන් නියමු කැප්ටන් ස්මිට් මච්ඡාර්ගේ ක්‍රියාකලාපය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) නායකත්වයේ ඉහළම ඇගයීමට ලක්ව තිබේ.
ඩුබායි හි ඔටුන්න හිමි කුමරු, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය ෂෙයික් හම්දාන් බින් මොහොමඩ් බින් රාෂිඩ් අල් මක්තූම් පසුගියදා රෝහල වෙත පැමිණ, දැනට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින කැප්ටන් මච්ඡාර්ගේ සුවදුක් විමසා බලන ලදී.
එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, කැප්ටන් මච්ඡාර් යනු ඉහළම මට්ටමේ ධෛර්යයක්, වගකීම් සහගත බවක් සහ මානව ජීවිත කෙරෙහි අසීමිත කැපවීමක් ප්‍රකාශයට පත් කළ විශිෂ්ට ගුවන් නියමුවකු බවයි.
එසේම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමස්ත නායකත්වයේම ගෞරවය සහ ප්‍රශංසාව ඔහුට හිමිවන බවත්, එවැනි වීරයකු තම රටේ ජාතික ගුවන් සේවයේ කොටස්කරුවකු වීම පිළිබඳව සමස්ත ජාතියම ආඩම්බර වන බවත් ෂෙයික් හම්දාන් වැඩිදුරටත් පවසා ඇත.
පසුගිය සැප්තැම්බර් 30 වැනි දින ඩුබායි සිට ටෙල් අවිව් දක්වා පියාසර කරමින් තිබූ FZ1073 ගුවන් යානයේ නියමු කුටිය තුළදී සහායක නියමුවා විසින් ප්‍රධාන නියමු කැප්ටන් මච්ඡාර් වෙත හදිසි අවස්ථාවලදී භාවිත කරන පොරවකින් පහර දී තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිපතිවරයාගේ මූලික පරීක්ෂණවලට අනුව, සහායක නියමුවා ගුවන් යානයේ පාලනය තමන් සතුකර ගනිමින් ත්‍රස්තවාදී ක්‍රියාවක් කිරීමට උත්සාහ කර ඇත.
ප්‍රහාරයෙන් බරපතල ලෙස තුවාල ලැබුවද, අසමසම ධෛර්යයක් පෙන්වූ කැප්ටන් මච්ඡාර් නියමු කුටියේ දොර විවෘත කිරීමට සමත් විය. එමගින් ගුවන් යානා පිරිසට සහ මගීන්ට වහාම නියමු කුටියට ඇතුළු වී ප්‍රහාරකයා මෙල්ල කිරීමට අවස්ථාව උදා වී තිබේ.
පසුව ගුවන් යානයේ පාලනය යථාතත්ත්වයට පත්කර ගනිමින්, සෞදි අරාබියේ තබූක් ගුවන්තොටුපළ වෙත යානය සුරක්ෂිතව ගොඩබැස්වීමට හැකිවිය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කර ඇත්තේ, ප්‍රධාන නියමුවා ඇතුළු ගුවන් සේවකයන් සහ මගීන් දැක්වූ ක්ෂණික හා බුද්ධිමත් ප්‍රතිචාරය නිසා මහා විනාශයක් වැළකී ගිය බවයි.
තබූක් හි මූලික ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව, ඉන්දීය ජාතිකයකු වන කැප්ටන් මච්ඡාර් වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා නැවත එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ගෙනැවිත් තිබේ.
අබුඩාබි හි ඉන්දීය තානාපති කාර්යාලය තහවුරු කර ඇත්තේ, ඔහු දැනට රෝහල්ගතව ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.
සිදුවීමට අදාළ වැඩිදුර පරීක්ෂණ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් මගින් තවදුරටත් සිදුකරනු ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart