
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් පනවා ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා බෝතල් කළ පානීය ජල බෝතලයක් අලෙවි කිරීමේ චෝදනාවට වරදකරු වූ බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි ප්‍රමුඛ පෙළේ අවන්හලකට රුපියල් මිලියනයක (රු. 1,000,000) දඩයක් නියම කිරීමට කොළඹ අංක 05 ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
කොළඹ 04, ගාලු පාරේ පිහිටි ‘Simple Chopstiks (Pvt) Ltd’ නමැති ආයතනයට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මෙම නඩුව පවරා තිබූ අතර, අධිකරණය හමුවේ චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුව මෙලෙස දඩ නියම කර ඇත.
අංක 2492/29 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකර ඇති නියෝග අංක 96 අනුව මිලිලීටර් 500 සිට 999 දක්වා වන බෝතල් කළ පානීය ජල බෝතලයක උපරිම සිල්ලර මිල රුපියල් 80/- ක් ලෙස නියම කර ඇත.
එහෙත් අදාළ අවන්හල විසින් මිලිලීටර් 500 ජල බෝතලයක් සඳහා රුපියල් 100/- ක මුදලක්, එනම් නියමිත මිලට වඩා රුපියල් 20/- ක් වැඩියෙන් අය කර තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
ඕනෑම හෝටලයකින්, අවන්හලකින් හෝ වෙළෙඳසැලකින් මිලදී ගත්තද, උපරිම සිල්ලර මිලක් නියම කර ඇති භාණ්ඩ එම මිල ඉක්මවා අලෙවි කිරීම සපරාධී වරදක් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අවධාරණය කරයි.
එබැවින් පානීය ජල බෝතල් මිලදී ගැනීමේදී එහි සඳහන් මිල සහ බිල්පතේ අය කර ඇති මුදල පිළිබඳව විමසිලිමත් වන ලෙසත්, වැඩිපුර මුදල් අය කරන්නේ නම් අදාළ රිසිට්පත සුරක්ෂිතව තබාගෙන 1977 කෙටි දුරකථන අංකය ඔස්සේ පැමිණිලි කරන ලෙසත් පාරිභෝගික අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart