
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් 2027 පිරිමි එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා නව තරග රටාව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම් සංඛ්‍යාව 10 සිට 14 දක්වා ඉහළ නංවා තිබේ.
දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ සහ නමීබියාව යන රටවල සම සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙම ප්‍රමුඛ එක්දින තරගාවලියේ අවසාන පූර්ව සහ මහා තරග (knockouts) වටයට පෙර අදියර තුනකින් සමන්විත තරග රටාවක් ඇතුළත් වේ.
මෙම සංශෝධිත තරග රටාව හරහා තරගාවලිය පුරාම ඉහළ තරගකාරීත්වයක් පවත්වාගැනීම සඳහා මුල් අදියරවලදීම කණ්ඩායම් ඉවත්වීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත:
– පළමු වටය (සුපර් සීරීස්): තරගාවලියට සුදුසුකම් ලැබූ අඩුම ශ්‍රේණිගත කිරීම් සහිත කණ්ඩායම් තුන අතර පැවැත්වෙන ලීග් තරග තුනකින් තරගාවලිය ආරම්භ වේ. මෙහිදී ඉදිරියෙන්ම පසුවන එක් කණ්ඩායමට පමණක් ප්‍රධාන කාණ්ඩ වටයට පිවිසීමේ වරම් හිමිවේ.
– දෙවැනි වටය (කාණ්ඩ වටය): ඉතිරි කණ්ඩායම් 12, කණ්ඩායම් හය බැගින් වූ කාණ්ඩ දෙකකට වෙන් කෙරෙන අතර එහිදී සමස්ත තරග 30ක් පැවැත්වේ. සෑම කාණ්ඩයකින්ම පෙරමුණ ගන්නා කණ්ඩායම් තුන බැගින් සහ කාණ්ඩ දෙකෙන්ම සමස්තයක් ලෙස හොඳම ප්‍රසාද ලකුණු ලබා ගන්නා සිව්වැනි ස්ථානයේ පසුවන එක් කණ්ඩායමක් ඊළඟ වටයට සුදුසුකම් ලබයි.
– තෙවැනි වටය (සුපර් 7): අවසාන පූර්ව වටයට සුදුසුකම් ලබන කණ්ඩායම් තේරීම සඳහා ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් හත අතර තරග 21කින් සමන්විත ලීග් තරග වටයක් පැවැත්වේ.
– අවසාන වටය (Knockout Stage): සුපර් 7 වටයේ පෙරමුණ ගන්නා කණ්ඩායම් හතර අවසාන පූර්ව වටයට පිවිසෙන අතර (1 වැනි ස්ථානය එදිරිව 4 වැනි ස්ථානය සහ 2 වැනි ස්ථානය එදිරිව 3 වැනි ස්ථානය), එහිදී ජයගන්නා කණ්ඩායම් දෙක ලෝක කුසලාන ශූරතාව සඳහා අවසාන මහා තරගයේදී තරග වදී.
2019 සහ 2023 ලෝක කුසලාන තරගාවලි සඳහා භාවිත කළ කණ්ඩායම් 10ක ලීග් තරග රටාව වෙනුවට මෙම නව මාදිලිය හඳුන්වා දී ඇති අතර, එමගින් ගෝලීය වශයෙන් වැඩි කණ්ඩායම් ප්‍රමාණයකට අවස්ථාව ලබාදෙන අතරම, මුල සිටම ප්‍රබල කණ්ඩායම් අතර ඉහළ තරගකාරීත්වයක් පවත්වා ගැනීමටද හැකියාව ලැබෙනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart