
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චීන ජාතිකයෙකු සතුව තිබූ රුපියල් කෝටි දෙකක මුදලක් පැහැරගැනීමේ සිද්ධියකට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත් අනුද ජනාදිත් සමරකෝන් බණ්ඩාර ඇතුළු සැකකරුවන් පස්දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන නොවැම්බර් 25 වැනිදා නැවත කැඳවීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (30) නියෝග කළේය.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අධිකරණය හමුවේ කරන ලද කරුණු දැක්වීම් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
විමර්ශන නිලධාරීන් අධිකරණයට වැඩිදුරටත් කරුණු දක්වමින් කියාසිටියේ, අදාළ මංකොල්ලය සැලසුම් කිරීම සඳහා පස්වන සැකකරු ඇතුළු අනෙකුත් සැකකරුවන් විසින් පවත්වන ලද සාකච්ඡා අඩංගු සී.සී.ටී.වී. (CCTV) දර්ශන වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රසපරීක්ෂකවරයා වෙත යොමුකර ඇති බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ පුතු ඇතුළු සැකකරුවන් පස්දෙනාම මේ වන විට ඇප මත මුදාහැර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart