
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා මහා භාණ්ඩාගාරයට අයත් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 කට අධික රජයේ මුදල් වංචනික ලෙස බැහැර කිරීමේ සිද්ධියට අදාළව පත්කළ තාක්ෂණික කමිටුවේ වාර්තාව මෙතෙක් ලැබී නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (30) කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ දැනුම්දුන්නේය.
අදාළ නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී කරුණු දැක්වූ විමර්ශන නිලධාරීන් පැවසුවේ, මෙම විමර්ශනයට අදාළව සොයාගන්නා ලද ටෙරාබයිට් 16 ක පරිගණක දත්ත අඩංගු දෘඪ තැටි වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ විශ්වවිද්‍යාලය වෙත යොමුකර ඇති බවයි.
එමෙන්ම, විමර්ශනවලට අදාළව රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තුවේ විද්‍යුත් තැපැල් (E-mail) දත්ත පද්ධතියේ පිටපත්, කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති පස්දෙනෙකුගෙන් යුත් තාක්ෂණික විමර්ශන කමිටුව වෙත ලබාදීමට ද පෙර නඩු වාරයේදී පියවර ගෙන තිබිණි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය ලබන දෙසැම්බර් 16 වැනි දින අධිකරණය හමුවේ වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart