September 30, 2026

භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු කණ්ඩායම 2026.09.28 වැනි දින භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන වගකීම දරන ජාතික මහලේකම් ශ්‍රී බී. එල්. සන්තෝෂ් හමුවී සාකච්ඡාවක නිරතව ඇත.

මෙහිදී භාරතීය ජනතා පක්ෂයේ ඉතිහාසය සහ සංවිධාන ව්‍යුහය සම්බන්ධයෙන් ද, ග්‍රාමීය මට්ටම දක්වා පක්ෂ සමාජිකත්වය සංවිධානය කිරීමට කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන්ද, ඉන්දියාවේ සංවර්ධනය සම්බන්ධයෙන් ගෙනයන ව්‍යාපෘති සහ වැඩපිළිවෙළවල් සම්බන්ධයෙන්ද අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ලබාදෙන නායකත්වය සම්බන්ධයෙන්ද දීර්ඝ වශයෙන් විස්තර කර තිබේ.

තවද දෙරට අතර සම්බන්ධතාවය සහ මිත්‍රත්වය වර්ධනය කර ගැනීමේදී පක්ෂ දෙක අතර මිත්‍රත්වය හා අවබෝධය වර්ධනය කර ගැනීමේ වැදගත්කම සම්බන්ධයෙන්ද සාකච්ඡා කර ඇත.

මෙම සාකච්ඡාවට සමගාමීව භාරතීය ජනතා පක්ෂයේ කාන්තා සංවිධානයේ ජාතික සභාපති ශ්‍රීමති රෑප්කුමාරි චෞද්‍රි සමඟද, භාරතීය ජනතා පක්ෂයේ තරුණ සංවිධානයේ නියෝජිතයින් වන ශ්‍රී විනීත් වත්ස් ත්‍යාගී සහ භක්ති ශර්මා සමඟ ද සාකච්ඡා පවත්වා තිබේ.