
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්රචණ්ඩකාරී ගැටුම්කාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් සහ සැකකාරියන් 106 දෙනාම එළඹෙන ඔක්තෝබර් 06 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව ප්රධාන මහෙස්ත්රාත් ශිලනි පෙරේරා අද (29) නියෝග කළාය.
පොදු දේපළවලට අනර්ථයක් සිදුකිරීමේ චෝදනා යටතේ නම්කර සිටින මීගමුව කාන්තා බන්ධනාගාරයේ රැඳවියන් 25 දෙනා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා අදාළ කාන්තා නියාමකවරියන්ට සිතාසි යොමුකරන ලෙස මහෙස්ත්රාත්වරිය අධිකරණ රෙජිස්ට්රාර්වරයාට දැනුම්දුන්නාය.
මෙහිදී අධිකරණය හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ අදාළ කාන්තා සැකකාරියන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ නඩු පවරන බැවින් නඩුව අවසන් වන තෙක් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. එම ඉල්ලීම සහ කරුණු සලකා බලමින් මහෙස්ත්රාත්වරිය නියෝග කළේ සැකකාරියන් සහ සාක්ෂිකාරියන් එකම බන්ධනාගාරයක පසුවේ නම්, ඔවුන් එකිනෙකා හමුනොවන පරිදි වෙනස් වාට්ටුවල හෝ බන්ධනාගාරවල රඳවාතැබීමට කටයුතු කරන ලෙසයි.
එමෙන්ම, ලබන ඔක්තෝබර් 06 වැනිදා අදාළ සැකකාරියන් ආවරණය සහිතව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත්, හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් නොකරන අනෙකුත් සැකකරුවන් WhatsApp තාක්ෂණය ඔස්සේ අධිකරණය හමුවට යොමුකරන ලෙසත් නියෝග කෙරිණි.
සිද්ධියෙන් මියගිය සියලුම පුද්ගලයන්ගේ මරණ පරීක්ෂණ කටයුතු අවසන් කර ඊට අදාළ වාර්තා අධිකරණයට ඉදිරිපත් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම්දුන් අතර, ඒ සම්බන්ධයෙන් වන නියෝගය ඉදිරියේදී නිකුත්කරන බවද මහෙස්ත්රාත්වරිය සඳහන් කළාය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් 106 දෙනකු (පිරිමි 81 යි, කාන්තාවන් 25 යි) සැකකරුවන් ලෙස නම්කර ඇති අතර, ඉන් 96 දෙනකු හඳුනාගැනීමේ පෙරට්ටුව සඳහා ඉදිරිපත් කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ 01 හි සහකාර පොලිස් අධිකාරී චන්දන කළුආරච්චිගේ ප්රධානත්වයෙන් ප්රධාන පොලිස් පරීක්ෂක කරුණාතිලක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් අද දින වැඩිදුර වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
පසුගිය ජූලි 05 සහ 06 යන දිනවල මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ මෙම දරුණු ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකු සහ රැඳවියන් 22 දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර සියයකට අධික පිරිසක් තුවාල ලැබූහ. පොදු දේපළ පනත, ගිනි අවි ආඥා පනත සහ මිනීමැරීමේ චෝදනා යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙම නඩුව ගොනුකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart