September 29, 2026

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණ තිබේ.

යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන ක්‍රියාකාරීන් වන ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් යන අය අතුරුදහන් වීමේ සිද්ධියට අදාළ නඩුව සම්බන්ධයෙන් සූම් තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබාදීම සඳහා ඔහු මෙලෙස අධිකරණයට පැමිණ ඇත.