September 29, 2026

ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.

එම වරෙන්තුව පොලිස්පතිවරයා මාර්ගයෙන් ක්‍රියාත්මක කරන ලෙස ද අධිකරණය වැඩිදුරටත් නියෝග කළ බව වාර්තා වේ.

එමෙන්ම ඥානසාර භික්ෂුව ඔක්තෝබර් 01 වැනිදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ද අදාළ නියෝගයෙන් උපදෙස් දී ඇත.