September 29, 2026

රුසියානු හමුදා සමග ඒකාබද්ධ හමුදා අභ්‍යාස අතරතුර ශ්‍රී ලංකා හමුදා ප්‍රථම වරට රුසියානු AK-12 රයිෆල්වලින් ප්‍රහාර එල්ල කිරීමේ අත්දැකීම් ලබාගෙන තිබේ. රුසියාව සහ චීනය සමග සහයෝගිතාව පුළුල් කරන අතරම ශ්‍රී ලංකාව වැනි රටවල් සමගත් ආරක්ෂක හවුල්කාරිත්වයන් වර්ධනය කරන බව මෙම අභ්‍යාස මගින් පිළිබිඹු විය.

රුසියාවේ ප්‍රිමෝර්ස්කි ක්‍රායි හි පිහිටි සර්ගේව්ස්කි පුහුණු මධ්‍යස්ථානයේදී ‘වොල්වරින් වේව්ල් – 2026’ වැඩසටහන යටතේ රුසියානු සහ ශ්‍රී ලාංකික හමුදා සාමාජිකයන් විසින් සටන් අත්දැකීම් හුවමාරු කර ගැනීමේ ඒකාබද්ධ අභ්‍යාස පවත්වන ලදී. මේ පුහුණු වැඩපිළිවෙළ සම්බන්ධයෙන් එම පුහුණුව සඳහා රුසියාවට ගිය ශ්‍රී ලංකා හමුදා නිලධාරියකු මෙසේ පවසා තිබේ.

“පළමුවෙන්ම ශ්‍රී ලංකාව සහ රුසියාව අතර මෙවැනි අභ්‍යාස සංවිධානය කිරීම සම්බන්ධයෙන් රුසියානු සම්මේලනයට ස්තූතිවන්ත වීමට මම කැමැත්තෙමි. මෙම අවස්ථාව මම ඉතා අගය කරමි. මෙය රුසියාවට මා සිදුකරන පළමු සංචාරය බව ද සඳහන් කිරීමට කැමති අතර, එබැවින් රුසියානු හමුදා සාමාජිකයන් සමග දැනුම, ප්‍රායෝගික අත්දැකීම් සහ හොඳම ක්‍රමවේදයන් හුවමාරු කර ගැනීමට මෙම අභ්‍යාස විශිෂ්ට අවස්ථාවක් වනු ඇත.”

මෙම පුහුණුව පසුගිය සතියේ පැවැත්විණි.

(උපුටාගැනීම – දිවයින)