
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පිළිකා රෝගයට ප්‍රතිකාර ගනිමින් සිටි සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක හීත් ස්ට්‍රික් ජීවන ගමනට සමුදී තිබේ.
1974 උපන් ඔහු මියයන විට 49 හැවිරිදි වියේ පසුවිය.
ඒ පිළිබදව සිම්බාබ්වේ කණ්ඩායමේ ස්ට්‍රික් සමග එකට ක්‍රීඩා කළ හෙන්රි ඔලොන්ගා සිය ටිවිටර් ගිණුමේ සටහනක් තබා ඇත.
“Sad news coming through that Heath Streak has crossed to the other side. RIP @ZimCricketv legend. The greatest all rounder we produced. It was a pleasure playing with you. See you on the other side when my bowling spell comes to an end…?”
— Henry Olonga (@henryolonga) August 22, 2023
වසර 12ක ක්‍රිකට් ජිවිතයේ 2000 වසරේ සිට 2004 දක්වා සිම්බාබ්වේ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ හීත් ස්ට්‍රික් ටෙස්ට් තරග 65කට සහ එක්දින තරග 189කට ක්‍රීඩා කර තිබේ.
හීත් ස්ට්‍රීක් ටෙස්ට් කඩුලු 216ක් සහ එක්දින කඩුලු 239ක් බිඳහෙළා ඇත.
පන්දු යැවීමෙන් පමණක් නොව මැදපෙළ පිතිකරුවකු ලෙසද හීත් ස්ට්‍රික් ටෙස්ට් ලකුණු 1990ක් සහ එක්දින ලකුණු 2943ක් රැස් කර තිබේ.
2005දි අන්තර්ජාතික ක්‍රිකට් පිටියට සමුදුන් ඔහු පුහුණුකරුවකු ලෙස සිම්බාබ්වේ,ස්කොට්ලන්තය,බංග්ලාදේශය,ගුජරාට් ලයන්ස් ,කොල්කටා නයිට් රයිඩර්ස් යන කණ්ඩායම් වල කටයුතු කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart