
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-අන්ද්‍රේ ෆ්‍රැන්චේ සිවිල් සංවිධාන හමුවකදී කළ ප්‍රකාශයක් අඩංගු වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත කාන්දුවීමත් සමඟ ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වයට පිළිතුරු ලෙස, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඔහු සමඟ පැවැති සමස්ත සාකච්ඡාවේ සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන ප්‍රසිද්ධියට පත්කර ඇත.
ඇතැම් මාධ්‍ය ඔස්සේ මෙම හමුව සම්බන්ධයෙන් අසත්‍ය සහ නොමඟ යවන සුළු තොරතුරු ප්‍රචාරය වූ බැවින්, විනිවිදභාවය සහ සත්‍යතාව උදෙසා විනාඩි 41කින් යුත් මෙම සම්පූර්ණ වීඩියෝව සහ එහි සිංහල පරිවර්තනය ෆේස්බුක් ඔස්සේ තමන් නිකුත් කළ බව සජිත් ප්‍රේමදාස පවසයි.
කාන්දු වූ වීඩියෝ පටයේ එක්සත් ජාතීන්ගේ නියෝජිත මාර්ක්-අන්ද්‍රේ ෆ්‍රැන්චේ වසා තිබුණේ, තමන් විපක්ෂ නායකවරයා හමුවූ අවස්ථාවේදී ඇතැම් වැදගත් කරුණු සම්බන්ධයෙන් විපක්ෂය අවධානය යොමු නොකරන්නේ මන්දැයි ප්‍රශ්න කළ බවයි.
මාර්ගගත සුරක්ෂිතතාව පිළිබඳ පනත උදාහරණයට ගනිමින් ඔහු සඳහන් කළේ, එම පනතට පක්ෂව ඡන්දය දුන් මන්ත්‍රීවරුන් 45 දෙනෙකුගෙන් විමසූ විට ඔවුන් එම පනත හෝ ඊට අදාළ සංශෝධන කියවා පවා නොතිබූ බවයි.
මෙය මන්ත්‍රීවරුන්ගේ වගකීම් විරහිතභාවය පෙන්නුම් කරන බව ඔහු පෙන්වා දුන්නේය.
මම සියල්ල හෙළි කළා, දැන් ඔබට තීරණය කළ හැකියි” (I HAVE DIVULGED. NOW YOU CAN DECIDE) යනුවෙන් සඳහන් කරමින් 2026 සැප්තැම්බර් 03 වැනිදා පැවැති මෙම සාකච්ඡාවේ දර්ශන නැරඹීමට විපක්ෂ නායකවරයා ජනතාවට ඇරයුම් කර සිටියි.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart