September 20, 2026

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කරන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම්වල තීන්දුව කථානායක කාර්යාලය වෙත සිකුරාදා (18) යොමු කර තිබේ.

කථානායක ජගත් වික්‍රමරත්න විසින් මෙම විශේෂ අධිකරණ තීන්දුව ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

අදාළ අධිකරණ තීන්දුව සැප්තැම්බර් 18 වැනිදා කථානායකවරයා වෙත ලැබෙන බවට ඇතැම් මාධ්‍ය මීට පෙර පූර්ව අනාවරණයක් සිදු කර තිබිණි.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය සැප්තැම්බර් 24 සහ 25 යන දිනවලදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙයට අමතරව, දූෂණ විරෝධී පනතේ සංශෝධනයන්ට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම්වල අධිකරණ තීන්දුවද මේ වන විට කථානායකවරයා වෙත යොමු කර ඇත.