
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රාජ්‍ය නායිකාවක ලෙස කටයුතු කිරීමේදී රාජ්‍ය වගකීම් සහ මාතෘත්වය අතර සමබරතාව පවත්වා ගැනීම සඳහා තමන්ට මුහුණ දීමට සිදු වූ දැඩි අභියෝග, කැපකිරීම් සහ සිය දරුවන්ට යහපත් ගුණධර්ම ලබාදුන් ආකාරය පිළිබඳ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රසිද්ධ උත්සවයකදී අදහස් දක්වා තිබේ.
උදෑසන 7.30ට සිය දරුවන් පාසලට යැවීමෙන් පසු ආරම්භ වන සිය රාජකාරි දිනය බොහෝ විට රෑ බෝ වන තෙක් පැය 15ක පමණ දීර්ඝ කාලයක් පුරා පැවැති බව ඇය සඳහන් කළාය.
එම දැඩි අභියෝගාත්මක ඉලක්ක සපුරා ගැනීමට තමන් තුළ තිබූ නොපසුබස්නා උත්සාහය සහ කැපවීම මෙයට හේතු වූ බව ඇය අවධාරණය කළාය.
දැඩි ආර්ථික අපහසුතා පැවැති සමයේදී දේශපාලනමය හෝ පෞද්ගලික අරමුදල් පටලවා නොගෙන, ඉඩම් පවා අලෙවි කරමින් නිවසේ වියදම් පාලනය කළ බව ඇය පැවසුවාය.
සිය පාලන සමයේදී රාජ්‍ය පාලනය සඳහා දක්ෂ හා පළපුරුදු නිලධාරීන් යොදාගත් අතර, එක් විශ්වාසවන්ත ගෘහ සේවිකාවකට හැර අන් කිසිදු නෑදෑයෙකුට රාජ්‍ය තනතුරු ලබා නොදුන් බව ඇය අවධාරණය කළාය.
අධ්‍යාපනය ඉහළින්ම ලබා ගනිමින්, කිසිදු දූෂණ හෝ වංචා චෝදනාවකට ලක් නොවී යහපත් පුරවැසියන් ලෙස ජීවත් වීමට සිය දරුවන්ට හැකිවීම පිළිබඳ තමන් ආඩම්බර වන බව පැවසූ ඇය, මව්පියන්ගේ ආදර්ශවත් හැසිරීම සහ කන්‍යාරාම පාසලෙන් ලද ශික්ෂණය තමන්ගේ මෙන්ම දරුවන්ගේ ජීවිත හැඩගැස්වීමට බලපෑ බව ප්‍රකාශ කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart