
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රීලන්කන් ගුවන් සේවයට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සම්බන්ධ කරමින් හුවමාරු වන ඊමේල් පණිවුඩ පිළිබඳ අසත්‍ය තොරතුරු ප්‍රචාරය වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ මනෝජ් ගමගේ පවසයි.
නාමල් රාජපක්ෂ සහ එයාර්බස් සමාගම අතර කිසිදු ඍජු ඊමේල් හුවමාරුවක් සිදුව නොමැති බවත්, අදාළ ප්‍රචාරවල සඳහන් වන කිසිදු ඊමේල් පණිවුඩයක නාමල් රාජපක්ෂගේ නම පවා සඳහන්ව නොමැති බවත් ඔහු අවධාරණය කළේය.
අදාළ ඊමේල් හුවමාරු වී ඇත්තේ එම ගනුදෙනුවට සම්බන්ධ සමාගම්වල නිලධාරීන් අතර පමණක් වන අතර, එමගින් නාමල් රාජපක්ෂගේ සම්බන්ධයක් තහවුරු නොවන බවද ඔහු සඳහන් කළේය.
එයාර්බස් ගනුදෙනුවෙන් නාමල් රාජපක්ෂ අල්ලස් ලබාගත් බවට එල්ල වන චෝදනා මෙන්ම, එම ගනුදෙනුවට අදාළ මුදල් ෂමීන්ද්‍ර රාජපක්ෂගේ ගිණුමකට බැර වූ බවට වන ප්‍රචාරද නීතිඥ මනෝජ් ගමගේ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළේය.
නාමල් රාජපක්ෂට එරෙහිව ගොඩනඟා ඇති මෙම චෝදනා ප්‍රධාන වශයෙන්ම ව්‍යාපාරික නිමල් පෙරේරා ලබා දුන් ප්‍රකාශයක් මත පදනම් වූවක් බවත්, ස්වාධීන සාක්ෂි නොමැතිව හුදෙක් සම-චූදිතයකුගේ ප්‍රකාශයක් මත පමණක් පුද්ගලයකු වරදකරු කළ නොහැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.
රජයේ ඇතැම් පාර්ශ්වයන් මෙම සිද්ධිය විකෘති කරමින් මහජනතාව නොමඟ යැවීමට උත්සාහ කරන බවට චෝදනා කළ හෙතෙම, පොදු දේපළ පනත දේශපාලන අරමුණු වෙනුවෙන් භාවිත කරන බවද පැවසීය.
නාමල් රාජපක්ෂව සිරගත කිරීමට උත්සාහ කළද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන ගමන නතර කිරීමට නොහැකි වන බව නීතිඥ මනෝජ් ගමගේ වැඩිදුරටත් කියා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart