September 20, 2026

පහසු ගෙවීම් ක්‍රමයට නිවාස ඉදිකර දෙන බව පවසා මුදල් ලබාගෙන එම නිවාස ඉදිකර නොදී මුදල් වංචා කළ පෞද්ගලික ආයතනයක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය, එම ආයතනයේ අලෙවි කළමණාකරු වශයෙන් හා මෙහෙයුම් නිලධාරී වශයෙන් කටයුතු කළ සැකකාරියන් දෙදෙනකු 2026.09.17 දින අත්අඩංගුවට ගෙන ඇත.

මෙතෙක් සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වූ තොරතුරු මත මෙම සැකකාරියන් සතුව තිබූ කාර් රථ 04 ක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

දඅවුරුදු 30 හා 31 වයස්වල පසුවන කහවත්ත හා කඩුවෙල ප්‍රදේශවල පදිංචි මෙම සැකකාරියන් 2026.09.18 වැනි දින නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2026.09.29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝගකර ඇත.

2026.07.28 දින මෙම අපරාධයට සම්බන්ධ එම පෞද්ගලික ආයතනයේ අධ්‍යක්ෂකවරයකු අත්අඩංගුවට ගෙන නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර එම සැකකරුද 2029.09.29 දින දක්වා තවදුරටත් බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

ආදළ පෞද්ගලික ආයතනය සම්බන්ධව මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත මේ දක්වා පැමිණිලි 245 ක් ලැබී තිබේ.

තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.