
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාලිගාවත්ත ප්‍රදේශයේ ජනතාව අන්තර්ජාලය ඔස්සේ සිදුවන මූල්‍ය වංචා පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ වීථි නාට්‍ය දර්ශනයක් පසුගිය සැප්තැම්බර් 13 වැනි දින පැවැත්විණි.
‘පපරේ’ වාදන කණ්ඩායමක නාද රටා සමඟින් ඇරඹුණු මෙම වීථි නාට්‍ය වැඩසටහන මාලිගාවත්ත සාමාන්‍ය ජනතාවගේ අවධානය දිනාගැනීමට සමත් විය.
සවස තේ පානය කරමින්, ක්‍රිකට් සහ පාපන්දු ක්‍රීඩාවල නිරත වෙමින් සිටි ප්‍රදේශයේ තරුණයන් සහ වැඩිහිටියන් රැසක් මෙම අවස්ථාවට එක්වූ අතර, අන්තර්ජාල වංචාවලට හසුවීමෙන් තමන් මුහුණදුන් අත්දැකීම් ද මෙහිදී අන් අය අතර බෙදාගන්නා ලදී.
නවයුගා කුගරාජා ගේ අධ්‍යක්ෂණයෙන් ‘කණ්ණගි කලා ලය’ (Kannaki Kalalaya) සහ ‘ඉලංකෝ’ (Ilanko) වීථි නාට්‍ය කණ්ඩායම් විසින් මෙය රඟදක්වන ලද අතර, මාලිගාවත්ත ‘GeNext Youth Club’ හි පූර්ණ සහයෝගය ඊට හිමිවිය.
ග්‍රාමීය සහ ප්‍රජා මට්ටමින් අන්තර්ජාල වංචාවලින් ආරක්ෂා වීම පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කිරීම සඳහා මෙම වීථි නාට්‍ය මාලාව ඉදිරි මාසවලදී දිවයිනේ අනෙකුත් ප්‍රදේශ සහ පළාත් වෙත ද ගෙන යෑමට Factum ආයතනය සැලසුම් කර ඇත.



Adding {{itemName}} to cart
Added {{itemName}} to cart