
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නාගපට්ටිනම් සහ කන්කසන්තුරේ අතර ක්‍රියාත්මක වන මගී පාරු (Ferry) සේවාව සඳහා ලබාදෙන මූල්‍ය ආධාර තවත් වසරකින් දීර්ඝ කිරීමට ඉන්දියානු රජය තීරණය කර ඇති බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.
2024 අගෝස්තු මාසයේදී මෙම පාරු සේවාව නැවත ආරම්භ කිරීමෙන් පසුව ඉන්දීය රජය විසින් මෙලෙස මූල්‍ය සහාය ලබාදුන් අඛණ්ඩ තෙවන වසර මෙය වේ.
මෙම කාලරාමුව දීර්ඝ කිරීම මගින් කලාපීය සබඳතා වර්ධනය කිරීමට සහ දෙරට අතර ජනතාව අතර පවතින සබඳතා ශක්තිමත් කිරීමට ඉන්දියාව දක්වන නිරන්තර කැපවීම පිළිබිඹු වන බව මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියාසිටී.
මෙම මූල්‍ය සහාය ‘Viability Gap Funding’ යාන්ත්‍රණය යටතේ සපයනු ලබන අතර, ඒ සඳහා වසරකට රුපියල් මිලියන 300 කට ආසන්න මුදලක් වෙන්කෙරේ.
පසුගිය වසරේ කොන්දේසිවලට සමාන පදනමක් යටතේ ප්‍රධාන මෙහෙයුම් සහ ලොජිස්ටික් පිරිවැය ආවරණය කරමින්, සේවාවේ දැරිය හැකි මිල සහ මෙහෙයුම් තිරසාරභාවය තහවුරු කිරීම මෙම ආධාරවල ප්‍රධාන අරමුණයි.
2024 අගෝස්තු මාසයේදී නැවත ආරම්භ කළ තැන් පටන් මේ දක්වා මගීන් 52,000 කට ආසන්න සංඛ්‍යාවක් මෙම පාරු සේවාව භාවිත කර ඇති අතර, එය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික, ආර්ථික හා සාමාජික හුවමාරුව සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත.
මෙම සේවාව දෙරට අතර නාවික සබඳතා නැවත පණගැන්වීමේ වැදගත් සන්ධිස්ථානයක් ද සනිටුහන් කරයි.
පාරු සේවාව සඳහා අඛණ්ඩව මූල්‍ය සහාය ලබා දීම, 2024 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේදී සහ 2025 අප්‍රේල් මාසයේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදී නැවත තහවුරු කරන ලද සමුද්‍රීය සබඳතා වර්ධනය කිරීමේ පොදු දැක්මට ද අනුකූල වේ.
මීට අමතරව, ඇමෙරිකානු ඩොලර් මිලියන 65ක පූර්ණ ඉන්දීය අනුග්‍රහය යටතේ කන්කසන්තුරේ වරාය ප්‍රතිසංස්කරණය කිරීම මෙන්ම දෙරට අතර සමුද්‍රීය සබඳතා සහ ආර්ථික සබඳතා තවදුරටත් පුළුල් කළ හැකි අමතර නාවික මාර්ග පිළිබඳව සොයා බැලීම ඉදිරි සැලසුම් අතරට අයත් බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart