
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් CNN, MS NOW සහ Politico යන ප්රමුඛ පෙළේ ජනමාධ්‍ය ආයතන තුනකට ධවල මන්දිරයට ඇතුළුවීම තහනම් කිරීමට තීරණය කර ඇත.
ස්වාධීන ජනමාධ්‍ය භාවිතයට එරෙහිව ගත් මෙම පියවර, අදහස් ප්‍රකාශ කිරීමේ සහ මාධ්‍ය නිදහස සුරකින ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු සංශෝධනයට (First Amendment) පටහැනි බැවින් නීතිමය අභියෝගවලට ලක්වීමේ වැඩි ඉඩකඩක් පවතී.
මෙම ජනමාධ්‍ය ආයතන මගින් ‘අසත්‍ය පුවත්’ (FAKE NEWS) වාර්තා කරන බවට සමාජ මාධ්‍ය සටහනක් තබමින් චෝදනා කළ ට්‍රම්ප්, ජනාධිපතිවරයා හෝ රජය ආවරණය කිරීමේදී මනඃකල්පිත සහ අසත්‍ය තොරතුරු වාර්තා කිරීමට ඔවුන්ට ඉඩදිය නොහැකි බව ප්‍රකාශ කළේය.
තවත් මෙවැනි අසත්‍ය පුවත් පතුරුවන ජනමාධ්‍ය ආයතන ඉදිරියේදී තහනම් කරන බවටද ඔහු අනතුරු ඇඟවීය.
කිසියම් විශේෂිත සිදුවීමක් මුල් කරගෙන මෙම තීරණය නොගත් බවත්, පසුගිය වසර කිහිපය පුරා එකතු වූ වාර්තා කිරීම් මෙයට හේතු වූ බවත් ජනාධිපතිවරයා පැවසීය.
මෙම තහනමට ප්‍රතිචාර දක්වමින් CNN සහ Politico ආයතන සඳහන් කර සිටියේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තමන්ට හිමිව ඇති ජනමාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනීසිටින අතර රජයේ බලපෑම්වලින් තොරව තොරතුරු වාර්තා කිරීම දිගටම සිදුකරන බවයි.
මීට පෙරද හිමිකම් හා ජනමාධ්‍ය භාවිතයන් සම්බන්ධයෙන් විවිධ ජනමාධ්‍යවේදීන්ගේ ධවල මන්දිර මාධ්‍ය බලපත්‍ර අහෝසි කිරීමට ට්‍රම්ප් පියවර ගත් අතර, පසුව අධිකරණ තීන්දු මගින් එම ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් නැවත ලබා දීමට කටයුතු කෙරිණි.
මෙම නවතම පියවර මගින් ඇමරිකානු පාලනාධිකාරිය සහ මාධ්‍ය අතර පවතින දශක ගණනාවක සම්ප්‍රදායික සබඳතාව තවදුරටත් අභියෝගයට ලක්ව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart