September 19, 2026

ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම සඳහා වන නිදහස් සටන් මධ්‍යස්ථානයේ ආරාධනයෙන් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සහ නොකරන දේශපාලන පක්ෂ සියල්ලම එක් වේදිකාවක අසුන් ගනු ලැබීය.

ශ්‍රී ලාංකේය ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය, අධිකරණයේ ස්වාධීනත්වය සහ පුරවැසි අයිතිවාසිකම් රැක ගැනීම උදෙසා යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිලිබඳ විපක්ෂ දේශපාලන පක්ෂ නායකයින්ගේ සහ සිවිල් බලවේගයන්ගේ ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් තැබීම මගින් සාමූහිකව ඒකාබද්ධ විරෝධතාවයක් වෙනුවෙන් සම්මුතියකට එළඹිණ.

සියලු දේශපාලන පක්ෂ නායකයන් අතර පැවති විශේෂ සාකච්ඡාවේදී එළඹෙන 24 වැනිදා ‘ප්‍රජාතන්ත්‍රවාදයේ මළගමට එරෙහිව 22 පරදවන ජනබලය’ ලෙසින් දැවැන්ත විරෝධතා ක්‍රියාමාර්ගයක් පැවැත්වීමට ඒකමතික අනුමැතියක් හිමිවිය.