
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාව හරහා කිලෝමීටර 500කට අධික දුරක් වේගයෙන් පා ගමනින් ගමන් කළ කාන්තාව ලෙස ගිනස් ලෝක වාර්තා පොතට එක්වීමේ අභියෝගාත්මක අරමුණ පෙරදැරි කරගනිමින් කැතරින් ස්මාර්ට් සිය පාගමන ආරම්භ කර තිබේ.
කිලිනොච්චියෙන් සිය ගමන ඇරඹූ ඇය, පැය 110කට අඩු කාලයකින් මාතර නගරයෙන් මෙම අභියෝගය නිමා කිරීමට සැලසුම් කර ඇත.
දිනකට කිලෝමීටර 100කට වැඩි දුරක් ආවරණය කරමින් ගමන් කරන ස්මාර්ට්, දැඩි ශාරීරික වෙහෙසකට සහ අභියෝගයන්ට මුහුණ දෙමින් විවිධ භූගෝලීය කලාප පසුකරමින් ඉදිරියටම ඇදී යයි.
මෙම අභියෝගාත්මක පාගමන පුරාවට ඇයට අවශ්‍ය ශක්තිය සහ දිරිගැන්වීම ලබාදීම සඳහා ‘නෙස්ටෝමෝල්ට්’ ආයතනය ඇය හා අතවැල් බැඳගෙන සිටී. විවිධ බාධක හමුවේ වුවද නොසැලී ඉදිරියටම ගමන් කිරීමේ අධිෂ්ඨානශීලී බව මෙම ව්‍යාපෘතිය මගින් අවධාරණය කෙරේ.
ලෝක වාර්තාවක් පිහිටුවීමේ අරමුණට අමතරව, මෙම පාගමන මානුෂීය අරමුණකින් ද සිදු කෙරේ. එනම්, ශ්‍රී ලංකාවේ අසරණ වූ දරුවන්ගේ සුභසාධනය උදෙසා කටයුතු කරන ‘Their Future Today’ නමැති සංවිධානය සඳහා අරමුදල් රැස්කිරීම ද ඇගේ මෙම උත්සාහයේ තවත් එක් පරමාර්ථයකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart