
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, කථානායක නිල නිවසට අනුයුක්ත සේවකයන්ට අදාළ සියලු ලේඛන සිය භාරයට ගෙන ඇති බව ජනමාධ්‍ය වාර්තා කරයි.
පාර්ලිමේන්තු නිලධාරීන් විසින් මෙම ලේඛන අල්ලස් කොමිසම වෙත භාර දී ඇති බව වාර්තා වේ. පෞද්ගලික කාර්ය මණ්ඩලයේ තොරතුරු, වැටුප් විස්තර සහ වාහන භාවිතය පිළිබඳ තොරතුරු ඊට ඇතුළත් බව පැවැසේ.
මෙම පැමිණිල්ල ගොනුකර ඇත්තේ පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න විසිනි.
මේ අතර, දූෂණ විරෝධී පනතේ සංශෝධනය පිළිබඳ විවාදය පැවැත්වීමට නියමිතව තිබියදී, කථානායකවරයා එම විවාදයේ මුලසුන දැරීම සහ පනත් කෙටුම්පත සහතික කිරීම අනුචිත බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart