
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලෝක වෙළඳපොළේ පවතින ඉන්ධන මිළ ගණන්වල වෙනස්වීම් සැලකිල්ලට ගනිමින්, ගොඩබෑමේ පිරිවැයට අනුකූලව ඉන්ධන මිල සංශෝධනය කිරීම සඳහා මෙරට ක්‍රියාත්මක විදේශීය පෞද්ගලික ඉන්ධන සමාගම් කර ඇති ඉල්ලීම කෙරෙහි රජයේ අවධානය යොමුවිය හැකි බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසයි.
“එම පෞද්ගලික සමාගම් සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුම් අනුව මෙලෙස ඉන්ධන මිල සංශෝධනය කිරීමට කිසිදු නීතිමය බාධාවක් නැහැ” යනුවෙන් අමාත්‍යවරයා ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පතට අදහස් දක්වමින් පවසා ඇත.
මේ අතර, මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ඉන්ධන ගොඩබෑමේ පිරිවැය ඉහළ යමින් පැවතීම නිසා වත්මන් මිල ගණන් යටතේ ඉන්ධන අලෙවි කිරීම අපහසු බව පෞද්ගලික ඉන්ධන සමාගම් විසින් රජයට දැනුම් දී තිබේ.
බලශක්ති ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පවසා ඇත්තේ, LIOC, Sinopec සහ RM Parks ඇතුළු පෞද්ගලික සමාගම්, බටහිර ආසියානු ගැටුම් හේතුවෙන් මුහුදු මාර්ගවල සිදුව ඇති බාධා නිසා ඉහළ යමින් පවතින ගොඩබෑමේ පිරිවැය පිළිබඳව සිය කනස්සල්ල පළකර ඇති බවයි.
කෙසේවෙතත්, ගොඩබෑමේ පිරිවැය ඉහළ ගියද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අලෙවි කරනු ලබන ඉන්ධන සඳහා එම පිරිවැය එකතු නොකරනු ඇත. “ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විශාල පාඩුවක් ලබමින් සිටියත්, ගොඩබෑමේ පිරිවැය මත පදනම්ව මිළ ගණන් සංශෝධනය කරන්නේ නෑ,” යැයි අදාළ නිලධාරියා පවසා ඇත.
එසේවුවද, බොරතෙල් සහ පිරිපහදු කළ ඉන්ධන සඳහා වන ලෝක වෙළඳපොළ මිළ ගණන් ශීඝ්‍රයෙන් වෙනස් වීම හමුවේ, ලබන මාසයේ සිට වඩාත් නිත්‍ය ලෙස ඉන්ධන මිල සංශෝධනය කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සිදුවනු ඇති බව ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරියෙක් සඳහන් කර තිබේ.
වර්තමානයේ සිදුවන මිල පාලනය යම් කාලපරාසයකට වරක් සිදුවන මිල සූත්‍රයක් මගින් පාලනය වන අතර, එමගින් ලෝක වෙළඳපොළ මිල ගණන්වල ක්ෂණික වෙනස්වීම් නොවීම නිසා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විශාල පාඩුවකට ලක්වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
එහෙත් දැනට පවතින ශීඝ්‍ර ඉන්ධන මිල ඉහළ යෑම සහ වැඩි ගොඩබෑමේ පිරිවැය හමුවේ මෙම සංශෝධනයන් වඩාත්නිතර නිතර සිදුවිය හැකි අතර, එමගින් වඩාත් නිත්‍ය ලෙස මිල ගණන් ඉහළ යෑමට ඉඩ ඇති බවද ඔහු සඳහන් කර ඇත.
බටහිර ආසියාවේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් පෙට්‍රල් සහ ඩීසල් යන දෙකෙහිම මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා පවසා තිබේ.
ඉන්ධන මිල වෙනස් නොවී පැවතුණද, ඇණවුමක් ලබාදී මෙරටට තොග ලැබීමට මාස දෙකක පමණ කාලයක් ගතවන බව ඔහු පැහැදිලි කර ඇත.
නෞකාවෙන් තොග ගොඩබාන අවස්ථාවේදී පමණක් ගණනය කරනු ලබන වෙනස්වන සුළු සාධක රැසකින් යුත් ගොඩබෑමේ පිරිවැය සූත්‍රය නිසා අවසාන මිළ වෙනස්වන බව ඔහු සඳහන් කරයි.
ජනතාවට සේවය කිරීම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අරමුණ වන බැවින්, මිළ ඉහළ යාමෙන් සිදුවන බලපෑම යම් ප්‍රමාණයකට හෝ සමනය කිරීමට කටයුතු කරන බවද සභාපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart