September 12, 2026

රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සමයේ ඍණ අගයක් ලෙස පහළ ගොස් තිබූ මෙරට උද්ධමනය වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය හමුවේ සැලකිව යුතු ලෙස ඉහළ ගොස් ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

ceylonwire.lk වෙබ් අඩවිය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ ජනතාවට මෙහි බර දැනෙන තුරු ආණ්ඩුවට මේ අයුරින් ගමන් කළ හැකි බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කිරීමේදී ඔවුන්ගේ කොන්දේසි සඳහා අනුගත වනවා සේම රට පිළිබඳව ද සිතා බැලිය යුතු බව පැවසූ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ එම අරමුදලට රට පිළිබඳ හැඟීමක් නොමැති බවයි.

ඔවුන්ගේ කාර්යය පටිපාටිය වන්නේ ණය ලබාදී එය පියවා ගත් පසු පිටව යාම බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.

නමුත් ශල්‍ය කර්මය සාර්ථක වුවද රෝගියා මරණයට පත්වීම වැනි ප්‍රතිපල මගින් කිසිඳු ප්‍රයෝජනයක් අත්නොවන බව ද ඔහු අවධාරණය කළේය.