
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චීන ජනාධිපති ෂී ජින්පිං අද (12) පස්වරුවේ ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති බ්‍රික්ස් රටවල නායකයින්ගේ 18 වැනි සමුළුවේ පළමු අදියරේ රැස්වීමට එක්වෙමින් විශේෂ දේශනයක් පැවත්වනු ලැබීය.
‘වත්මන් යුගයේ වගකීම් පොදුවේ භාරගනිමින් ප්‍රමුඛ බලවේගයක් ලෙස එඩිතරව කටයුතු කරමු’ යන්න එම දේශනයේ තේමාව විය.
මෙම වසරේ බ්‍රික්ස් රටවල සහයෝගීතාවයේ 20 වැනි සංවත්සරය සනිටුහන් කෙරෙන බව ෂී ජින්පිං එහිදී පෙන්වාදුන්නේය.
ගෙවී ගිය දශක දෙක තුළ, බ්‍රික්ස් සහයෝගිතා යාන්ත්‍රණය පුළුල් වෙමින් අඛණ්ඩව නව ජීවගුණයක් පෙන්නුම් කර ඇති බවත් හෙතෙම එහිදී අවධාරණය කළේය.
එබැවින් මේ වනවිට, ලොව වැඩිම බලපෑමක් සහිත නැඟීඑන වෙළඳපොළ මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල සහයෝගිතා වේදිකාව බවට බ්‍රික්ස් යාන්ත්‍රණය පත්ව ඇතැයි ෂී ජින්පිං සඳහන් කළේය.
බ්‍රික්ස් රටවල් ඉතිහාසයේදී මෙන්ම අනාගතයේදී ද, නිවැරදි දිශානතියට අනුගතව ස්ථිරව සිටිය යුතු බවත්, නවෝත්පාදන සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම, සාමය හා ස්ථාවරත්වය පවත්වාගැනීම, ශිෂ්ටාචාර අතර අන්‍යෝන්‍ය ඉගෙනීම වැඩිදියුණු කිරීම සහ ගෝලීය පාලනය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා පුරෝගාමීන් ලෙස කටයුතු කළ යුතු බව ද හෙතෙම පෙන්වාදුන්නේය.
මේ අතර, අන්තර්ජාතික පිළිවෙළ වඩාත් සාධාරණ මෙන්ම යුක්තිසහගත දිශාවක් කරා යොමුකරමින්, පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම සඳහා එක්ව කටයුතු කළ යුතු බවත් ෂී ජින්පිං එම අවස්ථාවේදී ප්‍රකාශ කර ඇත.
අභියෝග හා දුෂ්කරතාවලින් සපිරි ගෙවීගිය දශක දෙකක කාලය තුළ, සහයෝගිතාව සහ එකමුතුකම සැමවිටම බ්‍රික්ස් යාන්ත්‍රණයේ සංවර්ධනය සඳහා පදනම සැපයූ බව චීන ජනාධිපතිවරයා සඳහන් කළේය.
එමෙන්ම අවංකව කටයුතු කිරීම, වෙනස්කම් නොතකා පොදු එකඟතා මත ඉදිරියට ගමන් කිරීම, අන්‍යෝන්‍ය මූලික ප්‍රතිලාභයන්ට ගරුකිරීම, මනා සන්නිවේදනය සහ සංවාද තුළින් අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කර ගැනීම මෙන්ම මතභේද නිසි ලෙස පාලනය කර ගැනීම එහිදී අතිශය වැදගත් වන බව ඔහු අවධාරණය කළේය.
චීනය ලබන වසරේදී බ්‍රික්ස් සභාපතිත්වය භාරගන්නා අතර, බ්‍රික්ස් රටවල නායකයින්ගේ 19 වැනි සමුළුවේ සත්කාරකත්වය ද දරනු ඇත.
සමෘද්ධිය සහ ප්‍රගතිය සහිත දීප්තිමත් අනාගතයක් ඒකාබද්ධව නිර්මාණය කිරීම සඳහා චීනය විවිධ පාර්ශ්වයන් සමග එක්ව පොදු අදහස් එක්රැස් කරමින් බ්‍රික්ස් සහයෝගිතාවයේ තෙවැනි ‘ස්වර්ණමය දශකය’ ඇරඹීමට එක්වනු ඇතැයි ද චීන ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart