
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හම්බන්තොට අන්තර්ජාතික වරාය හරහා මෙරටට ආනයනය කරන ලද වාහනවල ‘ස්මාර්ට් යතුරු’ (Smart keys) සොරාගෙන අලෙවි කිරීමේ ජාවාරමකට සම්බන්ධ බවට චෝදනා ලැබූ වරාය සේවකයකු සහ එම සොරාගත් යතුරු මිලදී ගත් පිටස්තර ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගෙන තිබේ.
හම්බන්තොට වරාය පොලිසිය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සැප්තැම්බර් 11 වැනි දින හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් 22 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි.
ස්මාර්ට් යතුරු අතුරුදහන් වීම සම්බන්ධයෙන් හම්බන්තොට වරාය ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද දීර්ඝ විමර්ශනයකින් පසුව, වරායේ සේවය කරන සේවකයකු පිළිබඳව සැකය මතු වූ බව පොලිසිය පැවසීය. පසුව එම සේවකයා ආරක්ෂක නිලධාරීන් විසින් භාරයට ගෙන වැඩිදුර විමර්ශන සඳහා හම්බන්තොට වරාය පොලිසිය වෙත භාර දී ඇත.
හම්බන්තොට වරාය පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන කාර්යාංශය සිදු කළ විමර්ශනවලදී සහ අදාළ වරාය සේවකයාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ, සොරාගත් ස්මාර්ට් යතුරු වාහන මාදිලිය අනුව රුපියල් 6,000 සිට ඉහළට වන මිල ගණන්වලට කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට අලෙවි කර ඇති බවයි.
සැකකරු මාස කිහිපයක කාලය තුළ ස්මාර්ට් යතුරු 45 ක් පමණ අලෙවි කර රුපියල් ලක්ෂ 15 කට වැඩි මුදලක් උපයාගෙන ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි විය.
අත්අඩංගුවට ගත් සේවකයා ලබාදුන් ප්‍රකාශ මත පදනම්ව, පොලිසිය විසින් කුරුණෑගල ප්‍රදේශයේ අදාළ ව්‍යාපාරිකයා ද අත්අඩංගුවට ගෙන ඇත. සොරාගත් ස්මාර්ට් යතුරු මිලදී ගත් බවට ඔහු එහිදී පිළිගෙන ඇති අතර, ඔහු සතුව තිබූ අදාළ යතුරු තොගය ද පොලිසිය භාරයට ගෙන තිබේ.
හම්බන්තොට අන්තර්ජාතික වරාය හරහා දේශීය භාවිතය සඳහා වාහන ආනයනය කිරීම ආරම්භ කළ තැන් පටන් මෙම ජාවාරම ක්‍රියාත්මක වී ඇති බවට වරාය ආරක්ෂක නිලධාරීන් සහ පොලිසිය සිදු කළ විමර්ශනවලදී හෙළි වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන හම්බන්තොට වරාය පොලිස් ස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වේ.
මේ අතර, වරාය පරිශ්‍රය තුළ සිදුවන මෙවැනි සොරකම් හඳුනාගැනීමට සහ වැළැක්වීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව හම්බන්තොට වරාය ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ප්‍රකාශ කරයි.(Adaderana.lk)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart