
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ සෙන්ට් බෙනඩික්ට් මාවතේ පිහිටි ‘පෙරේරා ඇන්ඩ් සන්ස්’ (P&S) ශාඛාවේ සිදු වූ සිදුවීම සම්බන්ධයෙන් පෙරේරා ඇන්ඩ් සන්ස් (Perera & Sons) ආයතනය විසින් පාරිභෝගිකයන්ගෙන් විශේෂ සමාව අයැදීමක් සහ පැහැදිලි කිරීමක් නිකුත් කර තිබේ.
මෙවැනි සිදුවීමක් නොවිය යුතුව තිබූ බවත්, ඒ පිළිබඳව තමන් දැඩි ලෙස කණගාටු වන බවත් පවසන එම ආයතනය, මෙය තමන් අතින් සිදු වූ අනපේක්ෂිත අතපසුවීමක් බව තහවුරු කරයි. පාරිභෝගිකයන් P&S ආයතනය කෙරෙහි තබා ඇති විශ්වාසය ආරක්ෂා කිරීමට බැඳී සිටින බවද ඔවුන් සඳහන් කරයි.
මෙම සිදුවීම සිදු වූ ආකාරය පිළිබඳව දැඩි අවධානය යොමුකර ඇති අතර, අදාළ ශාඛාවේ පමණක් නොව දිවයින පුරා පිහිටි සියලුම P&S ශාඛාවල භාණ්ඩවල කල් ඉකුත්වීමේ දිනයන් (expiry dates) වඩාත් පරික්ෂාකාරීව පරීක්ෂා කිරීමටත්, පරීක්ෂණ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීමටත් පියවර ගෙන ඇත.
තමන් නිෂ්පාදනය කරන ආහාර ද්‍රව්‍යවල නැවුම්බව සහ ස්වාභාවික ගුණය රැකගැනීම සඳහා ඒවායේ කල්ඉකුත් වීමේ කාලසීමාව (shelf life) කෙටි මට්ටමක පවත්වාගෙන යන බවත්, ඒ හේතුවෙන් රාක්කවල ඇති භාණ්ඩ නිරන්තරයෙන් නිරීක්ෂණය කිරීමේ වැඩි වගකීමක් තමන් වෙත පැවරෙන බවත් ආයතනය පෙන්වාදෙයි.
මෙම අවස්ථාවේදී එම නිරීක්ෂණ කටයුතුවලදී යම් අඩුවක් සිදු වූ බව ඔවුන් පිළිගනී.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart