
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2027 වසරේ පැවැත්වෙන 99 වැනි ඔස්කාර් සම්මාන උළෙලේ (Academy Awards) අන්තර්ජාතික විශේෂාංග චිත්‍රපට (International Feature Film) කාණ්ඩය නියෝජනය කිරීම සඳහා වන ශ්‍රී ලාංකේය සිනමාපටය තෝරා ගැනීමට ජාතික චිත්‍රපට සංස්ථාව අයැදුම්පත් කැඳවා තිබේ.
ඊයේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ජනමාධ්‍ය හමුවකදී ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව මෙම පියවර දැනුම්දුන් අතර, ඔස්කාර් සංවිධායකයන් වෙත කරන ලද විශේෂ ඉල්ලීමකට අනුමැතිය හිමිවීමෙන් පසුව මෙම ඓතිහාසික සන්ධිස්ථානය සනිටුහන් වූ බව පෙන්වාදුන්නේය.
මෙම තේරීම් ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම සඳහා සිනමා ක්ෂේත්රයේ ප්‍රවීණයන් නවදෙනකුගෙන් යුත් විශේෂ තේරීම් කමිටුවක් පත්කරන බවද ඔහු පැවසීය.
2026 අගෝස්තු 24 සිට සැප්තැම්බර් 21 දක්වා අයැදුම්පත් භාරගනු ලබන අතර, ඉන් අනතුරුව ශ්‍රී ලංකා ජාතික ඔස්කාර් තේරීම් කමිටුව විසින් ඉදිරිපත් කිරීම් සමාලෝචනය කර වඩාත්ම සුදුසු සිනමාපටය තෝරාගැනීමට ඡන්දය ප්‍රකාශ කරනු ඇත.
ශ්‍රී ලංකාවේ නිල නියෝජනය පිළිබඳ නිල ප්‍රකාශය 2026 සැප්තැම්බර් 28 වන දින සිදුකිරීමට නියමිතය.
වැඩිදුර තොරතුරු ජාතික චිත්‍රපට සංස්ථාවේ නිල වෙබ් අඩවියෙන් ලබා ගත හැකි අතර, office.noscsl@gmail.com විද්‍යුත් ලිපිනය ඔස්සේ අයැදුම්පත් යොමුකළ හැක.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart