
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලංකාවේ පැවැත්වීමට තිබූ සංගීත ප්‍රසංගය අවලංගු වීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවට එරෙහිව ප්‍රසිද්ධ ගායක නියෝගේ (Ne-Yo) කණ්ඩායම අදහස් දක්වා තිබේ. ඩොලර් 300,000 ක මුදලක් ලබාගෙන ප්‍රසංගය නොපැවැත්වූ බවට සංවිධායකවරයා කරන චෝදනා ඔවුහු ප්‍රතික්ෂේප කරති.
නියෝගේ ප්‍රකාශකයෙකු TMZ පුවත් සේවය වෙත පවසා ඇත්තේ, “බ්‍රවුන් බෝයි ප්‍රසන්ට්ස් (Brown Boy Presents) සමාගම කරන හිමිකම් පෑම සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ නොමඟ යවන සුළුයි. ඔවුන්ට නියෝ ගෙන් ලැබීමට කිසිදු මුදලක් නෑ. ඒ වෙනුවට සිදුවූ වරද ගැන පිළිතුරු දිය යුත්තේ සංවිධායකවරයායි” යනුවෙනි.
ප්‍රසංගයට පෙර නියෝට අදාළ මුළු මුදලම ගෙවීමට සහ ඔහු ඇතුළු කණ්ඩායමේ දෙපසටම අදාළ ගුවන් ගමන් වියදම් දැරීමට සංවිධායකවරයා ගිවිසුම්ගතව බැඳී සිටි බව ද ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
ගිවිසුම්ගත කොන්දේසි ඉටුකිරීමට කිහිපවතාවක්ම අවස්ථාව ලබාදුන්නද සංවිධායකවරයා එය ඉටුකිරීමට අපොහොසත් වූ බවත්, ඔවුන්ට මෙම කොන්දේසි ඉටුකිරීමට තරම් මූල්‍ය ශක්තියක් නොමැති බව තහවුරු වූ නිසා ප්‍රසංගයෙන් ඉවත්වීමට නියෝට සිදු වූ බවත් ඔහුගේ කණ්ඩායම පවසයි.
කෙසේවෙතත්, කොළඹ පැවැත්වීමට තිබූ මෙම ප්‍රසංගය වෙනුවෙන් නියෝට ලබා දීමට එකඟ වූ ඩොලර් 325,000 ක මුදලෙන් අවම වශයෙන් ඩොලර් 284,460 ක් ගෙවා ඇති බව සංවිධායක බ්‍රවුන් බෝයි සමාගම නඩුවෙන් කියාසිටියි.
නියෝගේ කණ්ඩායම ඔවුන්ගේ ගමන් සැලසුම් වෙනස්කිරීම නිසා ගුවන් ගමන් වියදම් අධික ලෙස ඉහළ ගිය බව සංවිධායකයෝ පවසති. නියෝගේ කණ්ඩායමේ පස්දෙනකු සඳහා මුලින් ඩොලර් 57,000 ක පමණ මුදලක් ඇස්තමේන්තු කර තිබුණද, පසුව එය ඩොලර් 93,000 දක්වා ඉහළ ගිය බව ඔවුහු කියති.
පසුව නියෝ ශ්‍රී ලංකාවේ ප්‍රසංගයක් පැවැත්වීමට තවමත් කැමැත්තෙන් සිටින බව ප්‍රසිද්ධියේ පැවසුවද, ඔහුගේ කණ්ඩායම ප්‍රසංගය අවලංගු කර මීට පෙර ගෙවූ මුදල් තමන් සන්තකයේ තබාගත් බව සංවිධායක සමාගම චෝදනා කරයි.
තත්ත්වය තවත් සංකීර්ණ කරමින්, නියෝගේ කණ්ඩායම පසුව බ්‍රවුන් බෝයි සමාගම සම්බන්ධ කර නොගෙන, ශ්‍රී ලංකාවේ ටිකට්පත් අලෙවි කරන ආයතනයක් සමඟ වෙනත් ප්‍රසංගයක් පැවැත්වීමට සාකච්ඡා කර ඇති බවද පැවසෙයි.
මේ නිසා තමන් ගෙවූ ඩොලර් 284,000 ට වැඩි මුදල නැවත ලබාදෙන ලෙසත්, සිදුවූ හානිය වෙනුවෙන් වන්දි ගෙවන ලෙසත් සංවිධායක සමාගම ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart